BLANTERORBITv101

ශාන්ත පියෝ පියතුමා සම්බන්ධ ලස්සන නත්තල් අත්දැකීමක්



පියෝ පියතුමා ගේ විශ්වාසවන්ත ආත්මික දියණියන්ගෙන් කෙනෙක් වූ Maria Pompilio, San Giovanni Rotondo හි පාසල් ගුරුවරියක් ලෙස සේවය කළාය. ඇය සෑම උදෑසනකම පාද්‍රේ පියෝගේ දිව්‍ය පූජාවට සහභාගි වූ අතර ඔහු වෙත පාපොච්චාරණය කිරීමට නිතිපතා ගියාය.

වරක් නත්තල් සැන්දෑවේ පියෝ පියතුමන් රාත්‍රී 8.00 ට පමණ පල්ලියේ පූජාසනයට ගොස් ඇත. ඒ පිරිමින්ගේ පාපොච්චාරණය ඇසීමට. එය ඉතා සීතල රාත්‍රියක් විය. ඒ වන විට පල්ලියේ  උණුසුමක් නොතිබූ නිසා ලැගුම් ගෙයි ලිපක් තබා තිබුණේ ශීතල නිවා ගැනීමටය.

පියෝ පියතුමා පිරිමින්ගේ පාපොච්චාරණය අසමින් සිටියදී, මරියා පොම්පිලියෝ සහ තවත් කාන්තාවන් කිහිප දෙනෙක් යාච්ඤා කිරීම සඳහා පල්ලියේ රැඳී සිටියහ. පාපොච්චාරණය අවසන් වූ පසු, මරියා සහ ඇගේ මිතුරියන් පියෝ පියතුමාට ආචාර කිරීමට සහ ඔහුගේ අත සිප ගැනීමට පූජාසනය තුළට ගියහ. පියෝ පියතුමා ගේ අත අයිස් මෙන් සීතල වී ඇති බව මරියාට දැනුනි..

  පියෝ පියතුමන් තම අධ්‍යාත්මික දූවරුන්ට ආචාර කර ඔවුන්ට පැවසුවේ ' බිළිඳු ජේසුස් වහන්සේගෙ  දයාව සහ මුදු මොළොක් ප්‍රේමය ඔබට දැනේවා” යනුවෙනි. “අද රෑ හරිම සීතලයි, පියතුමනි,” ඔහුගේ අධ්‍යාත්මික දියණියක පැවසුවාය. “කරුණාකර අපට ටිකක් කතා කරන්න. ජේසු බිළිඳුන් ගැන අපට තවත් කියා දී උන්වහන්සේගේ ආදරයේ උණුසුමෙන් අපව පුරවන්න.”

පසුව පද්‍රේ පියෝ තම අධ්‍යාත්මික දියණියන්ව ආරාමයේ අමුත්තන්ගේ කාමරයට රැගෙන ගියේය. කාමරයේ සෑම කෙනෙකුටම සුවපහසු ලෙස වාඩි වීමට ප්‍රරමාණවත් පුටු සහිත දිගු මේසයක් විය.

පියතුමා නත්තල් අබිරහස් ගැන කතා කරමින්, “දියණියෙනි, අපි ජොහන් ශුභාරංචියේ වදන් මෙනෙහි කරමු. ප්‍රේමණීය ශ්‍රාවකයා වන ජොහන් තුමන් පැවසුවේ, “වචනය මාංසය වී අප අතරේ වාසය කළේය” කියායි. ශුද්ධ ලියවිල්ලෙන් වචන උපුටා දක්වන විට පාද්‍රේ පියෝගේ ඇස්වලින් කඳුළු පිරී ගියේය.

ඔහු දෑස් වියලීමට මොහොතක් නැවතී කථාව  දිගටම කරගෙන ගියේය. ඔහු ජේසුස් වහන්සේගේ උපත සහ ළදරු වියේ තොරතුරු  ගැන මෙනෙහි කළේය. ජෙසුස් වහන්සේ උපත ලැබුවේ ශීත ඍතුවේ දී, වසරේ ශීතලම සමය, රාත්‍රියේ ඔහු කියා සිටියේය. එහිදී ඔහු සතුන් අතර ගව ඔරුවක තැන්පත් කරන ලදී. ස්වර්ගයේ සිටි දේවදූතයන් ප්‍රීති වෙද්දී මරියතුමී  සහ ජෝශප්  ඔහුට ආදරයෙන් සැළකූහ.

එක්වරම පියතුමා දෑස් පියාගෙන නිශ්ශබ්ද විය. “පද්‍රේ පියෝට නින්ද ගියා,” එක් කාන්තාවක් මිමිණුවාය. “ඔහු අද දවස පුරාම පාපෝච්චාරණය අසා වෙහෙසට පත්ව සිටී. අපි ඉතා නිශ්ශබ්දව සිට ඔහු අවදි වන තුරු යාච්ඤා කිරීමට කාලය භාවිතා කරමු. ” “මම හිතන්නේ ඔහු නිදාගෙන නැහැ,” අනෙක් කාන්තාවක් පැවසුවාය. “මේ නත්තල් සැන්දෑව. පද්‍රේ පියෝ මේ මොහොතේම ජේසුස් වහන්සේ සමඟ ගැඹුරු ඇසුරක සිටින බව මම විශ්වාස කරමි. ඔහු සමඟ මෙහි වාඩි වීමට ලැබීම ඇත්තෙන්ම අපට භාග්‍යයක්.”

විනාඩි තිහකට පමණ පසු පද්‍රේ පියෝ දෑස් විවර කළේය. එවිට ඔහුගේ අධ්‍යාත්මික දියණියක් ඔහුට මෙසේ කීවාය, “පියතුමනි, ඔබ බොහෝ වෙලාවක් දැන් නිහඬව සිටියා. අද නත්තල් සැන්දෑව නිසා අපි කල්පනා කළේ ඔබ ජේසු බිලිඳා සමඟ සිටියාද කියායි.  පියෝ පියතුමා පිළිතුරක් දුන්නේ නැත.

තවත් අයෙක් පැවසුවේ, “පියතුමනි, ඔබ ඇස් පියාගෙන වාඩි වී සිටියදී ඔබ අත්විඳි දේ අපට කියන්න.” "මගේ මරණය දක්වා ඒ ගැන වචනයක්වත් නොකියන බවට ඔබ පොරොන්දු වෙනවා නම්, මම ඔබට කියන්නම්," පියෝ පියතුමා පිළිතුරු දුන්නේය. “අපි කාටවත් කියන්නේ නැහැ කියලා අපි ඔබට පොරොන්දු  දෙනවා,” කාන්තාවන් එක හඬින් කීහ.

පසුව පියෝ එම ​​කාන්තාවන්ට පැවසුවේ, “ඇමරිකාවේ සිටින මගේ සහෝදරයා වන මයිකල්ට සහ රෝමයේ කන්‍යාරාමයක සිටින 'පියා' නම් මගේ සහෝදරියට  සුබ නත්තලක් ප්‍රාර්ථනා කිරීමට ස්වාමින් වහන්සේ මට අවසර දුන් සේක. එවිට ජේසුස් වහන්සේ  සදාකාල ජීවනයට ගිය මගේ සියලුම අධ්‍යාත්මික දරුවන් මට පෙන්වූ අතර මම ඔවුන්ගේ ස්වර්ගයේ වාසස්ථාන දුටුවෙමි. ඔහුගේ වදන්වලින් කාන්තාවෝ මහත් පුදුම වූහ.

වැඩි කල් යන්නට මත්තෙන්, පාද්‍රේ පියෝ නත්තල් මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාව සැමරීමට සූදානම් වීමට කාලය පැමිණ තිබේ. මෘදු ලෙස දිලිසෙන ඉටිපන්දම්වලින් 16 වන සියවසේ කරුණාවන්ත අප ස්වාමිදූගේ කුඩා දේවස්ථානය ආලෝකමත් විය.

 දිව්‍ය පූජාව ආරම්භ වූ විට, ජේසු බිලිඳාගේ කුඩා ප්‍රතිමාවක් තම අතේ තබාගත් Padre Pio, නත්තල් ගවලෙන දෙසට පූජාසනයෙන් බැස ගියේය. ගීතිකා කණ්ඩායම සමඟ, කපුචින් නිකායේ සාමාජිකයෝ සහ මුළු සභාවම නත්තල් කැරොල් සහ දෙවියන්ට ප්‍රශංසා කිරීමේ ගීතිකා ගායනා කළහ. සියලු හදවත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ ගින්නෙන් බබළන බවක් පෙනෙන්නට තිබුණි.

මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාවෙන් පසු, තම කුටියේ  විශ්‍රාම යාමට පෙර, පද්‍රේ පියෝ, එදින සවස අවසන් වරට තම අධ්‍යාත්මික දූවරුන් අමතා, “අද රාත්‍රියේ ස්වර්ගය විවර වූ අතර ඔබේ ආත්මයන් තුළට බොහෝ වරප්‍රසාද පහළ විය.” ඇත්ත වශයෙන්ම, ඔවුන් සියල්ලන්ටම ආශීර්වාද ලැබී ඇත.

මේ නත්තල් සමය වරප්‍රසාදයන් පිරි කාලයකි.

: යාච්ඤා කරන්න, බලාපොරොත්තු වන්න කරදර නොවන්න.

: Padre Pio පියතුමාගේ සත්‍ය කතා පොත -2  ඩයෑන් ඇලන් විසිනි

: නලින් තෝමස්