කිතුනුවන් මළවුන් සිහිකර යාච්ඤා කරන්නේ ඇයි දැයි බොහෝ දෙනෙකුට ගැටලුවක් ඇත. එමගින් ලැබෙන ප්‍රයෝජනය කුමක්දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එයට හේතු කිහිපයක් පහතින් දැක්විය හැකිය.
බෙහෝ අය යාච්ඤා හා දාන පින්කම් පුද කරන්නේ තමන් දන්නා හඳුනන අයගේ ආත්ම වෙනුවෙන් වුව ද, ශුධිකාගිනිස්ථානයේ දුක් විඳින සියලු අසරණ ආත්ම වෙනුවෙන් යාච්ඤා කිරීම කිතුනු යුතුකමක් හා දයාවේ ධර්ම ගුණයක් වේ.
මනුෂ්‍ය ජීවිතය දෙවියන් වහන්සේගෙන් ලත් දේව තිළිණයකි. එබැවින් මිනිස් දිවියට ගරු කිරීම යුතුකමය. මළාවූ අය ද කලින් මිනිසුන් ලෙසින් අප අතර ජීවත් වූ අය බැවින් ඔවුන්ගේ ආත්ම ගැළවීම පිණිස සහයවීම අවශ්‍ය ය.
දෙවියන් වහන්සේ මැවූ සියලු මිනිසුන් ගැළවීම හා ස්වර්ග රාජ්‍යයේ සදාතන ජීවනය හිමිකර ගැනීම දේව අභිමතය වේ. එහෙත් මිනිස් ජීවිතයේ පවතින ඇතැම් දුබලතා හා සාතන්ගේ පරීක්ෂා වලට හසුවීම හේතුවෙන් ඔවුන්ට ගැළවීම ලබා ගැනීමට බාධා පැමිණ ශුධිකාගිනිස්ථානයේ දුක් විඳීමට සිදුවේ. එබැවින් ඔවුන්ගේ ආත්ම ඉන් ගැළවීම පිණිස සහය වීම උතුම් ක්‍රියාවක් හා දේ අභිමතය ඉටු කිරීමකි.
ශුධිකාගිනිස්ථානයේ සිටින ආත්ම අසරණ හා කිසිත් කළ නොහැකි වූ පිරිසකි. මෙලොව ජීවත් වන අපට ඔවුන්ගේ ගැළවීම පිණිස යාච්ඤා හා විවිධ පුණ්‍ය ක්‍රියා මගින් සහය වීමට හැකියාවක් තිබේ.
සභාවක් ලෙසින් ශුධිකාගිනිස්ථානයේ දුක් විඳින ආත්ම වෙනුවෙන් යාච්ඤා කිරීම කිතුනු යුතුකම හා දැහැමි ක්‍රියාවක් බව කතෝලික සභාවේ ධර්මෝපදේශය හා පැරණි සභා පියවරුන්ගේ ද ඉගැන්වීම වේ.
මළවුන් ද පෙර කී සාන්තුවරයන්ගේ සමෝස ධර්මලාභයෙහි සාමාජිකයන් වෙති. අප ද එම සමාජයේ කොටස්කරුවන් වන බැවින් එම ආත්ම වෙනුවෙන් දෙවිඳුන් යැදීම ආගමික යුතුකමක් සේ සැලකේ.
ශුධිකාගිනිස්ථානයේ දුක් විඳින ආත්ම යම් දිනක එතැනින් නිදහස් වී ගැළවීම ලබා ස්වර්ග රාජ්‍යය කරා ගිය කල ඔවුන්ගේ යාච්ඤා පිහිට හා ජේසුස් වහන්සේ ඉදිරියෙහි මධ්‍යස්ථභාවය අපට ලබා ගැනීමට හැකිවේ.
මෙවැනි හේතු රාශියක් නිසා කතෝලිකයන් මළවුන් සිහිපත් කිරිම කරති.
0 Comments