BLANTERORBITv101

සාන්ත සභා සම්ප්‍රදාය අනුව ශුද්ධවු ධාතූන් වර්ගීකරණය



ශුද්ධවු ධාතූන් ප්‍රධාන වශයෙන් කොටස් සතරකට බෙදිය හැක.

  1. පලමු පෙලේ ශුද්ධවු ධාතු 
  2. දෙවන පෙලේ ශුද්ධවු ධාතු 
  3. තෙවන පෙලේ ශුද්ධවු ධාතු
  4. සිව්වන පෙලේ ශුද්ධවු ධාතු 

මේ අතුරින් ප්‍රධාන වනුයේ පලමු , දෙවන සහ තෙවන පෙල ශුද්ධවු ධාතූන්ය. 

1.පලමු පෙලේ ශුද්ධවු ධාතු - ජේසුස් ස්වාමිදරුවන්ගේ ජිවිතය හා සම්බන්ධ සියළුම දෑ එනම් කටු ඔටුන්න,කුරුසය, කුරුසේ ඇණගැසීමට යොදාගත් ඇණ,වස්ත්‍ර,පාවහන්,පාත්‍ර,තොටිල්ල නොහොත් ගව ඔරුව,ශ්‍රි සළුව ,ගල් කණුව,හෙල්ලය යනාදි උන්වහන්සේගේ ස්පර්ශය ලත් දෑ ,

එක්ස් ලෙඤ්ඤුම් කෘචිස් EX LIGNUM CRUCIS - කුරුසියේ ලීය

EX SPINEA එක්ස් ස්පිනේඅ - කටු (කටු ඔටුන්නෙ කටු )

EX COLUMඑක්ස් කොලුම් - ගල්කණුව (කසපහර දිමට බැද තැබූ )

සහ

සාන්ත සභාව විසින් ශුද්ධවරයන් ලෙස පිලිගනු ලබන තැනැත්තන්ගේ ශරීර හෝ ශරීර කොටස් ද පලමු පෙලේ ශුද්ධවු ධාතු ලෙස සැලකේ. එනම්,

EX OSSIBUS එක්ස් ඔස්සිබුස් - අස්ථි

EX CARNE එක්ස් කාර්නෙ - මාංශමය

එක්ස් කොර්පොරෙ  EX CORPORE - ශරීරමය

EX PRECORDIS එක්ස් ප්‍රෙකෝර්දිස් - ආමාශමය

EX PILIIS එක්ස් පීලීස් (එක්ස් කපෙල්ලි - කොන්ඩය,) රැවුල

EX CENERIBUS එක්ස් චෙනෙරිබුස් - සිරුර දැවීමෙන් ඉතිරිවන අළු හෝ සිරුර දිරායාමෙන් පසුව ඉතිරි වන දූවිල්ල

EX TELA IMBUTA SANGUINE එක්ස් තේලා ඉම්බුතා සන්ගුඉනෙ - රුධිරය පෙගවූ රෙදි

EX INBUTA CHENERIBUS එක්ස් තේල ඉම්බුතා චෙනෙරිබුස් - අළු දූවිලි උරාගත් රෙදි

යනාදිය පලමු පෙලේ ශුද්ධවු ධාතු ලෙස.සැලකේ.

2.දෙවන පෙලේ ශුද්ධවු ධාතු - ශුද්ධවරයන් විසින් පෞද්ගලිකව පරිහරණය කල දෑ එනම් වස්ත්‍රාභරණ ,පොත් පත්,  ජපමාල, ප්‍රතිමා, කුරුස,බොරලික්ක්කම්,බෙන්තින්න, කන්ණාඩි, බදපටි, පාවහන් යනාදි දෑ දෙවන පෙල ශුද්ධවු ධාතු ලෙස සැලකේ.

උදා :-

EX PALLIO එකස් පාලිඔ - මන්තයේ, සළුවේ

EX VELO එක්ස් වේලො -  වේලයේ

EX HABITU එකස් ආබිතු -  ඇදුමේ

EX INDUMENTIS එක්ස් ඉන්දුමෙන්තිස් -  වස්ත්‍රයේ

EX ARCA SEPULCRALIS එක්ස් ආර්කා සෙපුල්ක්‍රාලිස් - මිනි දෙනේ (මිනි පෙට්ටියෙ )

EX VESTE එක්ස් වෙස්තෙ - ඇදුම්

EX TUNICA එක්ස් තුනිකා - ලෝගුවෙ 

මේ ආදී වශයෙන් තවත් දෑ ඇත. 

3.තෙවන පෙලේ ශුද්ධවු ධාතු - පලමු පෙලේ ශුද්ධවු ධාතූන් හා ස්පර්ශය ලත් දෑ එනම් බොහො විට ශුද්ධවු ධාතු බහාලූ මංජුසාවන් වල අභ්‍යන්තර රෙදි, සිරුර හෝ ධාතු දීර්ඝකාලීනව ඔතා තැබූ රෙදි වැනි දෑ. 

4.සිව්වන පෙලේ ශුද්ධවු ධාතු - දෙවන පෙලේ ශුද්ධවු ධාතූන් සමග ස්පර්ශය ලත් දෑ එනම්  බොහො දුරට රෙදි  කොටස් යනාදිය මීට අයත් වේ. එසේම බොහො විට  ශුද්ධවු ධාතූන් (ඉන්දුමෙන්තිස් )  ලෙස සුලබව දැකගත හැකි වන්නෙ මේවායෙ කොටස්ය.

පලමු සහ දෙවන පෙල ශුද්ධවු ධාතූන් අති අමිල වන අතර එම ධාතූන් විකිනීම ශුද්ධවු සභාව  මගින් අනුමත නොකරයි. දෙවන වතිකානු කතිකාවතට පෙර පෞද්ගලික ගෞරවය සදහා පුද්ගලයන්ට විශේෂ ඉල්ලිම් අනුව ලබා දුන්නද පසුකාලීනව දේවස්ථාන සහ වන්දනා ස්ථාන සදහා පමණක් මෙම ධාතූන් ලබා දෙයි. 

 තෙවන සහ සිව්වන පෙලේ ශුද්ධවු ධාතූන් අවභාවිතා කිරීම තොරව පෞද්ගලික වන්දනාව/  ගෞරවය  සදහා යොදා ගැනීමට ශුද්ධවු සභා අනුමැතිය හිමිව තිබේ. 

පලමු  හා දෙවන පෙල ශුද්ධවු ධාතූන් ලබා දීමේදී එම ධාතූන් නිකුත් කල පදවියෙ රදගුරුතුමාගෙ ලාකඩ මුද්‍රාව යොදා කිසි විටකත් මුද්‍රාව කැඩීමට, ශු ධාතු කොටස් ඉවත් කිරිමට හෝ ස්පර්ශ කිරීමට හෝ වෙනසක් කිරිමට, නොහැකිවන ලෙස මුද්‍රා කරනු ලබන අතර ඒ සදහා විශේෂිත ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබයි. 

සටහන :- යොහාන් රොද්‍රිගෝ