BLANTERORBITv101

ශුද්ධගිනිස්ථානය පළමු ලිපිය

 මරණය, මරණය කියන්නේ අපි හැමෝටම උරුම දෙයක් ඒක බාල, මහලු, දුප්පත්, පොහොසත් කියලා වෙනසක් නැහැ එක දවසකට මරණ දහස් ගණනක් වෙනවා.ඒ  අතර හෙට ඔබ  නැත්නම් මම වෙන්න පුළුවන් ඇත්තටම මරණයෙන් පස්සේ මිනිස් ආත්මයට වෙන්නේ කුමක්ද අවසානය තෙක්ම කියවන්න.

මං පොඩි උදාහරණයකින් කතාව ආරම්භ කරන්නම්. රෝයි කියලා මිනිහෙක් ඉන්නවා. රෝයි පව් ගොඩක් කරනවා කරනවා ඒ අතර සුළු සුළු පාප බොහොමයක් තියෙනවා. ඒවුනත් රෝයි නරක කෙනෙක් නෙමේ. ඒ මොහොතට එන සිතුවිලි නිසා ඔහු පාපයට වැටෙනවා. නමුත් ජෙෆ්රි එහෙම නෙමෙයි. ඔහු කරන්නෙත් පව් ටිකයි නමුත් ඔහු යහපත් වැඩ රාශියක් කරනවා.ඒ විතරක් නෙමේ ඔහු අතින් යම් පාපයක් සිදු වුණොත්  ඒවට ද සැබෑ ලෙස දුක්වෙලා ඒවා නිවැරදි කරගෙන යහපත් ජීවිතයක් ගත කරන්න නිතරම උත්සාහ කරනවා . එතකොට ශෝන් ඔහු ගැනනං කතා කරන්න එපා. ඉතාමත් කැත විදිහට ජීවත් වෙන්නේ. මිනිස්සුන්ගෙන් ජීවිතත් එක්ක සෙල්ලම් කරමින් .මිනිස්සුන්ට අධික ලෙස නින්දා කරමින් විවිධ වර්ගයේ මරණීය පාපයන් කරමින් නිදහසේ ජොලියේ ඉන්න මිනිහෙක්. දිනක් මේ තුන්දෙනාම මිය යනවා. ඔබ හිතන්නේ මොකක් වුණා කියලද? කවුරු ස්වර්ගයට යයිද? කවුරු නිරයට යයිද ? 

 ජෙෆ්‍රිගේ ජීවිතේ තුළ කටුක අත්දැකීම් පිරුණත් ඔහු ජීවිතේ නිවැරදිව යහපත්සේ ගත කරා. ඔහුට ස්වර්ගයේ අයිති‍ය තියෙනවා. ඊළඟට මරණීය පව් ගොඩක් කරපු ශෝන් ඉන්න කාලේ ඇති තරම් ජොලි කරා.හිතුමතයට ජීවත් වුණා.ඔව් පව් කීරීම යනු එක්තරා ආකාරයක සැප විඳිමක්. ඉතින් දැන් මේ හැමදේම ඉවරයි ඔහුට සදාකාලික නිරයේ දුක් වේදනා හිමි.මන්ද ඔහු තුළ තිබ්බ ජරාජීර්ණ ජීවිතය නිසා. අපිට කෙනෙක්ව අමතක උනානේ එතකොට රෝයිට මොකද උනේ. ඔහු  සුළු සුළු පව් පව් කරාට නරක කෙනෙක් නෙමෙයි දෙවියන් වහන්සේ ගැන පොඩි හරි විශ්වාසය තිබ්බා රෝයි යන්නේ ස්වර්ගයටද? නිරයටද? ස්වර්ගයට යන්න බැහැ මොකද ස්වර්ගයට ගියොත් ඇති සාධාරණය මොකද්ද ජෙෆ්‍රිටත් එහෙනම් ඉන්න කාලේ සුළු සුළු පව් ගොඩක් කරලා ඒවට පසුතැවිලි නොවී ඉන්න විදිහටම සැපේ ඉඳලා ස්වර්ගයට යන්න තිබ්බානේ. රෝයිට ස්වර්ගයට යන්න දුන්නොත් අසාධාරණයක්. එතකොට එයාට අයිති නිරයද ඒකත් කරන්නත් බෑ ඔහු නිරයට ගියෝත් අන්ත අසික්කිත පව් කරපු ශෝන් වගේම. ඒ වෙලාවට ආපු සිතුවිලි නිසා සුළු සුළු පව් කරපු නමුත් දෙවියන් වහන්සේ ගැන විශ්වාසය තියපු රෝයිත් නිරයට ගියොත් එතනත් අසාධාරණයක්. මෙන්න මේ වෙලාවට තමයි දෙවියන්වහන්සේගේ සර්ව සාධාරණත්වයේ නීතිය අවශය වෙන්නේ ජීවත්වෙන කාලේ දෙවියන්වහන්සේ ගැනපොඩ් හරි විශ්වාසයක් තිබුණු ඔහුට තව අවස්තාවක් තියෙනවා. ඔහු කරපු පොඩි පොඩි පව් වලට විපාක ලබා දී ඔහුව ස්වර්ගයට ඇතුළු කරගන්නට . දෙවියන් වහන්සේ අපිට ඇති ආදරය නිසාම මේ වගේ ආත්ම වලට ස්වර්ගය සහ නිරය කියන දෙකටම අතරමැදි තැනක් සූදානම් කරලා තියෙනවා. ඒකට තමයි කියන්නේ ශුද්දගිනිස්තානය කියලා. (ශුද්ද+ගිනි+ස්තානය) 

එහෙනම් අපි ඉදිරි කොටස් වලින් හමුවෙමු එකේදි අපිට දැනගන්න පුලුවන්  ශුද්ධගිනිස්ථානය කියන්නේ ඇත්තටම මොකක්ද? මේකේ තිබෙන්නේ මොනාද? ඇත්තටම මේ දේ සත්‍යයක් ද? දේව වචනයේ මේ දේ ගැන අඩංගුද? ශුද්ධ ගිනි ස්ථානයට අදාළ සත්‍ය සිදුවීම මොනවාද ? සහ තර්කානුකූල සහ විද්‍යාත්මක කරුණු කාරණා මොනවාද කියලා ඉදිරි ලිපි වලදි ඔබට දැනගන්නට පුළුවන් ඒ ලිපි පහතින් ඔබට කියවන්නටත් පුළුවන්.


~ තීක්ෂණ අනුහස්