BLANTERORBITv101

ශුද්ධගිනිස්ථානය දෙවන ලිපිය

 

කරුණාකර මෙම ලිපිය කියවන්නට කලින් මෙහි පළමු ලිපිය කියෙව්වොත් ඔබට ගොඩක් පහසු වෙයි තේරුම් ගන්නට. 

1 ලිපිය

ගිය ලිපියේ කියපු ශුද්ද+ගිනි+ස්තානය,  මොකක්ද කියලා තමයි මේ ලිපියෙන් ඔබට කියන්නට යන්නේ .  

 ශුද්ධගිනිස්ථානය යනු කුමක්ද?

ඔබ ද හිර ගෙහි දමනු ලබන්නෙහිය. සැබැවින් ම මම ඔබට කියමි, අන්තිම සතයටම  දඩය ගෙවන තෙක් ඔබ කිසි සේත් එයින් පිට වී නොයන්නෙහි ය.'

( මතෙව් 5:25-26 )  

ආත්මික ස්වභාවයෙන් උන් වහන්සේ ගොස් ස්වහ. සිර ගෙයි සිටි ආත්මයන්ට ප්‍රකාශ කළ සේක.

(1 පේදුරු 3:19)

මේ පාඨ දෙස හොඳින් බලන්න . මෙහි කියනවා "හිරගෙය" කියලා. හිරගෙයක් කියන්නේ මොකක්ද . යම් කෙනෙකුට යම් කාලයකට දෙන දඬුවමක්,කවදා හෝ ඔහු එයින් නිදහස් වෙනවා.එනම් නිදහසක් බලාපොරොත්තුවෙන් තියෙන තැනක්. ජේසුස් වහන්සේගේ උත්ථානය වීමත් සමඟ එතුමා එනවා  ශුද්දගිනිස්තානයේ ආත්මයන් බලන්න. එහි දුක්විදි ආත්මයන්ව එතුමා මුදවා ගන්නවා. කෙනෙකුට කියන්න පුලුවන් නෑ ශුද්දගිනිස්තානය කියලා තැනක් නෑ නිරයයි ස්වර්ගයයි පමණයි යතියෙන්නේ කියලා. එවගේම කියන්න පුලුවන් ඒ හිරගෙයින් නිදහස් වෙනවා කියලා තියෙන්නේ නිරයෙන් නිදහස් වෙනවා කියළා. නෑ ඒක වැරදි.

'' යක්ශයාට සහා ඔහුගේ දූතයන්ට ද සූදානම් කර තිබෙන 'සදාතන' ගින්නට යන්න.'' මෙතන කියනවා සදාතන ගින්න කියලා එනම් යම්කෙනෙකු (මරණීය පාපසහිත අයෙකු) නිරයට හෙලනු ලැබූ විට සාදාකලිකවම එහි ඉන්නට වෙනවා. ඒ නිසාම තමයි සුළු පාප කර ඇති අයට දෙවැනි අවස්තාවක් වශයෙන් ශුද්දගිනිස්තානයක් තියෙන්නේ.

 මතෙව් තුමා ඔහුගේ ශුවිශෙෂයේ කිහිපතැනකම නිරය ගැන කියලා තියනවා. ''නිරා ගින්න''(මතෙව් 5:22) , ''ගිනි උදුන''(මතෙව් 13:42) , සදාතන ගින්න (මතෙව් 25:41)

ගින්න,ගින්න,ගින්න හැමතැනකම මතෙව් තුමා නිරය හදුන්වා තිබෙන්නේ හගින්න කියලා. එතකොට මතෙව්තුමාම කියන මේ හිරගෙය කුමක්ක්ද? ( 1පේදුරු 3:39 ත් එයම තියනවා) ඒ හිරගෙදර දඩුවම් දෙන තැනක්ලු"ඔබ ද හිර ගෙහි දමනු ලබන්නෙහිය. සැබැවින් ම මම ඔබට කියමි, අන්තිම සතයටම  දඩය ගෙවන තෙක් ඔබ කිසි සේත් එයින් පිට වී නොයන්නෙහි ය.' ආ  ඒක්මිය්නන්දීනේ  මතෙව් තුමා කියන්නේ මිනිසුන් කර ඇති සුළු පාපයක් පාපයක් ගානේ දඩුවම් දී පසුව එයින් නිදහස් වන තැනක්.

 "මනුෂ්‍ය පුත්‍රයාණන්ට විරුද්ධ ව වචනයක් කියන්නේ ද, එය ඔහුට කමා කරනු ලබන්නේය.එහෙත්, යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධ ව

කතා කරන්නේ ද, එය ඔහුට මේ යුගයේ දී වත්. එන යුගයේ දී වත් කමා කරනු නොලබන්නේය." මතෙව් 12:32

ඒකියන්නේ ශුද්දාත්මයාණන්ට අපහස කරන්නන්ට ශුද්දගිනිස්තානයේදීවත් සමාව නොලැබ ඔහු නිරාගින්නට ගොදුරු වන බවයි.

ශුද්දගිනිස්තානය කියන නම ශු.බයිනබලයේ කෝ?

ඊට කලින් මන් අහනවා. ශු. ''ත්‍රීත්වය'', ''බයිබලය'' කියන වචන බයිබලයේ කෝ?

දේව වචනය අපට උගන්වා ඇති කරුණු කාරණා පසු කාලීනව තනි වචනයකින් අදුන්වන්නට විවිද නම් අපි යොදාගන්නවා. ඉහත සදහන් කළ පරිදි ශුද්දගිනිස්තානය ගැන බයිබලයේ තියනවා. ඒ නම එන්නේ පසු කාලීනව.  ශුද්ද+ගිනි+ස්තානය,  ගින්නෙන් සුද්දවන ස්තානය අපි පාපවලින් සම්පූරමණයෙන්ම පිරිසිදු වූ විට තමයි අපිට ස්වර්ගයට යන්න පුලුවන්.

ශුද්ධගිනිස්ථානයේදීත් දඬුවම් දෙනු ලබන්නේ ආත්මීක සදාරණත්වයේ ගින්නකිනි, එය ගින්නේ බන්ධනාගාරයක් වන අතර බොහෝ ආත්මයන් මරණයෙන් පසු එහි ගිලෙනු ඇත. එහිදී ඔවුහු වේදනාවට මුහුණ දෙති.

මේ ලෝකයේ සිටින යම්කිසි පුද්ගලයෙක් මිය ගියාට පසු ඔහු මේ ලෝකයේ කර ඇති ඇති සුළු පාපයන්ට ශුද්ධගිනිස්ථානයේදී දඬුවම් ලැබෙනු ඇත. තමා ජීවත්ව සිටින කාලයේ ඔහු සැබැවින්ම යහපත් ලෙස මනස්තාපනය වී ඇති පාප හැරුණු කොට අනෙක් හැම පාපයකටම අවසාන සතය දක්වා දුක්විදිය යුතුයි.

''දෙවියන් වහන්සේගේ දයාවට මෙය අවශ්‍ය නොවේ, නමුත් යුක්තියට එය අවශ්‍ය වේ''

මේ පිළිබද අත්දැකීම් සහ ඒ පිළිබඳව තව නිවැරදි අවබෝධයක් ඇති මිනිසුන් සිටිනවා, කොටින්ම කිව්වත් ඔවුන් ශුද්ධගිනිස්ථානයට ගොස් වීශේෂ අවසරය මත නැවත පෘතුවියට ඇවිල්ලා තියෙනවා.( මේ සිදුවීම් ගැන වැඩි විස්තර ඉදිරි ලිපිවල සඳහන්) ඒ මිනිසුන් ශුද්ධගිනිස්ථානය ගැන පවසා ඇති දෑ.  

අපගේ පොළවේ ගින්දර ශුද්ධගිනිස්ථානයේ ගින්දර සමඟ සංසන්දනය කරද්දී ගත සිත සනසන සිසිල් සුළඟකි.

එහි දුක් විඳීම බරපතළ ඛේදවාචකයක් වන අතර එහි මිනිත්තුවක් යනු සියවසකට වැඩි කාලයක් වන්නේ තේරුම් බේරුම් කළ නොහැකි ගින්නේ දැනෙන නිසා ය

ස්වර්ගයට පිවිසීමට පෙර ආත්මයන් පරිශුද්ධ කිරීම සඳහා ශුද්ධ ගිනිස්ථානයට යොමු කෙරේ. මරණයෙන් පසු ආත්මයන් වඩාත් විනිවිද යන ආකාරයෙන් භයංකාරත්වය, සංතාපය දනවන ගින්නෙන් දැවීම සිදු වේ. මෙසේ මේ ගින්න එක්තරා පිරිසිදු කිරීමක් හා ආත්ම විශුද්ධියට හේතුකාරක වන අතර මේ පොළොවේ ඕනෑම දෙයකට වඩා එය බරපතල වනු ඇත.

අප කර ඇති සුළුපාපයකට පවා ගනන් දියයුතුබව මම දැන නොසිටියෙමි.

( අලෙක්සැන්ඩියාවෙ සා.සිරිල්, සා. අගොස්තීනූ ) {සා. ෆවුස්තීනා, ලුසී,ජසින්තා,ෆ්‍රැන්සිස්කෝ, ඩොක්ටර් ග්ලෝරියා, කිතුණු නොකිතුණු සමහර පුද්ගලයින් මියගොස් නැවත මිහිපිටට පැමිණ ඇත.මේ සිදුවීම් ගැන වැඩි විස්තර ඉදිරි ලිපිවල සඳහන්)

..ඒ දවස ගින්න සහිතව උදාවේ. ගින්නෙන්...පරික්ශා කරනු ලැබේ... එහෙත් ඔහු ගිනි මැදින් ආ කෙනෙකු මෙන් ගැලවෙනු ඇත.(1කොරින්ති 3:11-16)

ඒ කියන්නේ අපේ මියගිය දෙමව්පියන්, යහලුවන් ශුද්ධගිනිස්ථානයේදී ඔවුන් මනස්තාපනය නොවුනු සුළු පාපයන්ට තවමත් එහි දුක් විදිනවා ඇති. ඔබ දන්නවද? දෙවියන් වහන්සේ අපිට ඔවුන්ට උදවු කිරීමට අවස්ථාවක් දී තිබෙන බව,අපිට පුළුවන් ඉක්මනින් එයින් ඔවුන්ව නිදහස් කරලා ස්වර්ගෙට යවන්න. ඒ කොහොමද කියලා දැනගන්න තුන්වන ලිපිය කියවන්න.

මරණීය පව් සුළු පව් මොනවද?, පුද්ගලයෙකු ශුද්ධගිනිස්ථානයේ කොපමණ කාළයක් සිටිනවාද?ශුද්ධගිනිස්ථානයේ වේදනා මේ තරම් බරපතල වන්නේ කෙසේද? එහි දුක් විඳින ආත්මයන්ව ඉක්මනින් නිදහස් කරන්නේ කෙසේද??? ( 3 ලිපිය )


~ තීක්ෂණ අනුහස්