BLANTERORBITv101

ශුද්ධගිනිස්ථානය තෙවන ලිපිය

 


කරුණාකර මේ ලිපිය කියවන්නට කළින් පළමු ලිපිය සහා දෙවන ලිපිය කියවන්න. නැත්නම් ඔබට මෙම කරුණු කාරණා නොතේරෙනු ඇත.

1 ලිපිය

2 ලිපිය

අපි ගිය ලිපි දෙකෙන් ශුද්ධගිනිස්ථානය ඇයි  අවශ්‍ය,ශු.බයිබලයෙන් ඒ  ගැන සනාතත් කර්ගත්තා.

මරණීය පව් සුළු පව් මොනවද?, පුද්ගලයෙකු ශුද්ධගිනිස්ථානයේ කොපමණ කාළයක් සිටිනවාද?ශුද්ධගිනිස්ථානයේ වේදනා මේ තරම් බරපතල වන්නේ කෙසේද? එහි දුක් විඳින ආත්මයන්ව ඉක්මනින් නිදහස් කරන්නේ කෙසේද?

💥මරණිය පව් කර ඔහු ඒවාට සමාව නොලාබා ගෙන මිය ගියහොත් ඔහු නිරයට යනු ලබයි.සුළු පව් කර ඔහු ඒවාට සමාව නොලාබා ගෙන මිය ගියහොත් ඔහු ශුද්දගිනිස්තානයට යනු ලබයි.

 මරණීය පව් යනු, 

  1. ශුද්ධාත්මයාණන්ට විරුද්ධව කරන ලද පව්
  2. සැලසුම්කර කරන ලද පව්   [Eg:- මිනි මැරීම, ගබ්සාව, සිය දිවිනසා ගැනිම.]
  3. බලහත්කාර  දූශණයන්, අසරණයන්ව තවත් අසරණ කිරීම සහා නොතකා හැරීම
  4. ක්‍රිස්තුස්වහන්සේ ශු.දිව්‍ය පූජායාගය සිතාමතා මග හැරීම. 

💥මේවා ඉන් කිහිපයක් පමණි.දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් අපි මරණිය කරලා තියෙනවානේ  එතකොට අපිට ස්වර්ගයට යන්න බැරිද  කියලා, නෑ ඔබට යන්න පුළුවන්, ජේසු ඒ තරමටමඅපිටආදරෙයි.

අපි මිහිපිට ජීවත් වෙලා ඉන්නකල් ඔබට අවස්ථාවක් දීලා තියනවා. ජීවිතේ වෙනස් කරගෙන හොඳ පාපොච්චාරණයක් කරලා අලුත් ජීවිතයක් ගත කරන්න කියලා, එතකොට අනිවාර්යෙන් අපට ස්වර්ගයට ඇතුළු වෙන්න පුළුවන්.

 සුළු පව් යනු, 

  1. ආත්මාර්ථකාමීව තමන් ගැන විතරක් සිතා කරන පාපයන්.
  2. සිතුවිලිවලින් ,වචන වලින් කරඇති පාපයන් .
  3. අහංකාරකම, වෛරය, ඊර්ෂියාව, ඇල්මැරුණු අලසකම, ලෞකික වස්තූන් වලට ඇති ගිජුකම ඇතුළු ගණනය කළ නොහැකි තරම් පොඩි පොඩි වැරදි.

ආත්මයන් කොපමණ කලක් ශුද්ධගිනිස්ථානයේ සිටිනවාද?

ආත්මයන් ශුද්ධ ගිනිස්ථානයේ කොපමණ කාලයක් ගත කරන්නේද යන ප්‍රශ්නය හේතු ගණනාවක් මත රඳා පවතී.

  1. ඔවුන් අතින් සිදුව ඇති වැරැදි ගණන
  2. ද්වේශයන් හා පරීක්ෂාවන්ට ගොදුරු වී ඇති වාර ගණන.
  3. ජීවිත කාලය තුල සිදු කළ පාපවලට පාප ක්ෂමාව ලබාගෙන ඇති හෝ නැති
  4. අවස්ථා. ඉන් තෘප්තියට පත්විය හැකි හෝ නොහැකි අවස්ථා.
  5. මරණයෙන් මතු ඔහු ශුද්දගිනිස්තානයේ සිටින විට වෙනුවෙන් පුදකර ඇති දාන මානාදී කටයුතු, යාඥා , යහපත් වැඩ,පූර්ණ පල (මේ ගැන ඊළඟ 4 වන ලිපිය තුල කතා කරනු ඇත )

කෙසේ වෙතත් මරණයෙන් පසු ශුද්ධ ගිනිස්ථානයට යන ආත්මයක් එහි ගත කරන කාල සීමාව ජනතාව පොදුවේ සිතා සිටින කාල වකවානුවට වඩා ඉතා වැඩිය.

අප දුර්වල බව අවිවාදය. එය සත්‍යයකි. එහෙත් ඒ අවස්ථාවලදී දෙවියන් වහන්සේ දේව වරප්‍රසාදයන් අප පිට වගුරුවා දුබලතා ජය ගැනීමටත් අඳුරෙන් ආලෝකය කරා පිය මැන අපේ දුර්වලතා හඳුනාගෙන දුර්පරීක්ෂා ජයගැනීමටත්  උත්සුක විය යුතුයි . අප තවදුරටත් දුර්වල නම් ඒ අපගේම වැරැද්දෙනි. අපි උන්වහන්සේ අපට දානය කරන වරප්‍රසාදයන්ගෙන් ආලෝකය හා ශක්තිය ලබා නොගන්නෙමු. අපි යාච්ඤා නොකරමු. සක්‍රමේන්තු නිසි පරිදි ලබා නොගනිමු.

"අපි දැන්ම මැරෙණේ නෑ. තව කල් තියෙනවා.මට ඕන විදිහට මන් ජීවත් වෙන්නේ",මෙන්න මේ නිසාම තමයි ශුද්දගිනිස්තානයේ වේදනාව  මෙතරම් බරපතල ජේසු අපිට දීලා තියෙන දිව්‍ය සප්‍රසාදය, පාපොච්චාරණය, දිව්‍ය පූජාව වැනි වරප්‍රසාද වලින් ප්‍රයෝජන නොගෙනීම.

"අපගේ පොළවේ ගින්දර ශුද්ධගිනිස්ථානයේ ගින්දර සමඟ සංසන්දනය කරද්දී ගත සිත සනසන සිසිල් සුළඟකි."

'''ස්වර්ගයට පිවිසීමට පෙර ආත්මයන් පරිශුද්ධ කිරීම සඳහා ශුද්ධ ගිනිස්ථානයට යොමු කෙරේ. මරණයෙන් පසු ආත්මයන් වඩාත් විනිවිද යන ආකාරයෙන් භයංකාරත්වය, සංතාපය දනවන ගින්නෙන් දැවීම සිදු වේ. මෙසේ මේ ගින්න එක්තරා පිරිසිදු කිරීමක් හා ආත්ම විශුද්ධියට හේතුකාරක වන අතර මේ පොළොවේ ඕනෑම දෙයකට වඩා එය බරපතල වනු ඇත.'' 

''අප කර ඇති සුළුපාපයකට පවා ගනන් දියයුතුබව මම දැන නොසිටියෙමි.''

( අලෙක්සැන්ඩියාවෙ සා.සිරිල්, සා. අගොස්තීනූ ) {සා. ෆවුස්තීනා, ලුසී,ජසින්තා,ෆ්‍රැන්සිස්කෝ, ඩොක්ටර් ග්ලෝරියා, ගුප්ත විදාවේදිනී ෆුල්ලා හොරැක් කිතුණු නොකිතුණු සමහර පුද්ගලයින් මියගොස් නැවත මිහිපිටට පැමිණ ඇත.මේ සිදුවීම් ගැන වැඩි විස්තර ඉදිරි ලිපිවල සඳහන්)

එහෙනම් අපි හතරවන ලිපියෙන් හම්බෙමු .එහිදී අපට පුළුවන් ඔබගේ මියගිය මියගිය දෙමව්පියන් වෙනුවෙන් නෑදෑයන් වෙනුවෙන් ඔබට මේ ලෝකේ ඉදන් කරන්න පුලුවන් දේවල් ගැන සහා ඔබ ශුද්ධ දින ස්ථානය ඉන්න කාලය අවම කරගත හැකි ක්‍රම ගැන කතා කරන්න.


~ තීක්ෂණ අනුහස්