BLANTERORBITv101

ශුද්ඪගිනිස්තානය පස්වන ලිපිය

 

කරුණාකර ඔබ මෙම ලිපිය කියවන්නට කලින් 1,2,3,4 කෙටි ලිපි කියවන මෙන් ඉල්ලා සිටිනවා. නැතහොත් ඔබට මෙම ලිපිය නොතේරුණු ඇත.

1 ලිපිය

2 ලිපිය

3 ලිපිය

4 ලිපිය

දැන් ඔබට කියන්න යන්නේ ක්‍රිස්තුස් වහන්සේ විසින් සමහර පුද්ගලයින්ට ස්වර්ගය, නිරය සහා ශුද්ඪගිනිස්තානය යන ස්තානයන් ඔවුන් ජීවත් වෙලා ඉන්න කාලෙම එම ස්තානයන්ට ගෙන ගොස් පෙන්න්වලා තිබෙනවා.  ඒවගෙම සමහර අය ඉන්නවා ඔවුන්ට එම ස්තාන විශේෂාකාරයෙන් පෙන්න්වලා නෑ නමුත් ඔවුන් හදිස්සියේ අනුතුරු වලට භාජනය වී විනාඩි කිහිපයක් මියගිස් නැවත පණ ලැබුනු අයත් ඉන්නවා.(සමහර අය කතෝලිකයන්ද නොවේ) ඔවුනුත් ඒ මොහොතවල් වල මෙම ස්තාන දැක තිබෙනවා , මේ දෙගොල්ලන්ම කියන දේවල් සදන විට එක සමානයි. 

උදා:- මුලදී කතෝලික දහම ඇතහැර  ගුප්ත විද්‍යායිනී ෆුල්ලා හොරැක් , වයිද්‍ය ග්ලෝරියා පෝලෝ,එම ස්තානයන්ට යන්නට වරම් ලැබූ සා. ෆ්වුස්තීනා/ සා. ජෙමා ගල්ගානි/ සා. ඇනා එමරිච්/ සා. පිසාහි මැඩ්ගලින්/ සා.ලුසියා පිසාරිටා/සා. ලුගාඩියස්

ඇතුලු තව ගොඩ දෙනෙක් ඉන්නවා දනට අපි එක් කෙනෙක් ගැන කතා කරමු එනම්

 ස්වර්ගය, නිරය සහා ශුද්ඪගිනිස්තානය යන ස්තානයන් ඔවුන් ජීවත් වෙලා ඉන්න කාලෙම එම ස්තානයන්ට ගෙන ගොස් පෙන්න්වලා තිබෙන කෙනෙක් ගැන අනෙක් කට්ටිය ගැන ඊලග ලිපියෙන්

සාන්ත ෆ්වුස්තීනා කියන්නේ පෝලන්තයේ අන්ත දුප්පත් පවුලක උපත් ලැබු දැරියක් 

පසු කාලීනව ඇය කන්‍යාසොයුරියක් වෙනවා.ඇත්තටම ඇයට දුප්පත්කම නිසාම

පාසල් යන්නට හම්බුනේ නෑ ඒ නිසා ඇයට ලියන්න කියන්න හැකියවක් තිපුනේ නෑ, පසු කාලීන්ව තමයි. ඉගෙන්න ගන්නේ ඉතින් මේ නිහතමානි සරල දැරියව තමයි ජේසුස් වහන්සේ තෝරගත්තේ. කියන්නනම් කරුණු ගොඩක් තියනවා ඒත් සුළුවශයෙන් සදහන් කරන්නම්, 

ඇයව දිනක්  ස්වර්ගය, නිරය සහා ශුද්ඪගිනිස්තානය ගෙනගොස් එම ස්තාන පෙන්න්වා. මේපිලිබදව ලෝකයාව දැනුවත් කරන ක්ලෙසට ඉල්ලනවා.ඒ පිලිබදව ඇගෙම දිනපොතේ සදහන් වචනවලින් දැන්ගන්නට කලින් ඇය කියන්නේ සත්‍යක් කියලා මේ කරුණුවලින් ඔප්පු වෙනවා.

1. ඇය දකිනා මේ දර්ශණයන් නිසා ඇය මානසීක රෝගිනියක් කියා සිතා ඇයව විශේශ මනෝවයිද්‍යවරුන් අතින් ප්රික්ශාවට කලක්වුණා. ඔවුන්ගේ නිගමනය වුණේ ඇගේ මනස නිරෝගි කෙනෙකුටත් වඩා නිරෝහගී බවයි.

2. ඇය මියගියේ ක්ශයරෝගයෙන්බ පුදුමයට කරුණනම් ඇගේ දිනපොතේ ඇය මියයන බව වසරකටත් කලින් ප්‍රකාශ කර තිබීම,

3. ඒවගේම 1939 ඇතිවන දෙවන ලෝක යුද්දය ගැන මේ කැළෑබද කන්‍යාරාමයක සිටින හරි හැටි පාසල්වත් නොගිය මැය ඒ 1937 ඒ පිළිබදව දින පොයතේ සටහන් කරලා තියනවා. මේ හැම දේම ඇයට අනාවරණ කලේ ජේසුස්වහන්සේ

4. ඇය මියයන්නෙත් 1938 වයස අවුරුදු 33 දී 1937 දී ඇය රුසියාව වෙනුවෙන් යාච්ක්දා කරනවා, 1939 ලෝක යුද්දය ඇතිවෙනවා.

5.ඊලග කරුණ නම් ජේසුගේ උපදෙස් මත ඇය ඇන්ද ජේසුසමිදානන්ගේ දේවදයාවේ සිතුවම පසුකාලිනව සොයාගත්තේ ජේසුස් වහන්සේගේ ටියුරින් හී ශ්‍රී සලුවට සමානබව‍යි .

ඇයට බොහොදේවල් ගැන අනාවරණ ලැබිලා තියනවා ශුද්දගිනිස්තානය ගැන විතරක් සදහන් කරන්නම්,

ශුඬික්ගනිස්ථානය

"මාගේ දයාවට මෙය අවශ්‍ය නොවේ එහෙත් මාගේ යුක්තියට එය අවශ්‍ය ය”

ඊළඟ රාත්‍රියේදී මාගේ රැකවල් දේව දුතයා මා ඉදිරියේ දර්ශනය වී තමන් පසුපස එන්නැයි මට අණ කළේය. සුළු මොහොතකින් මා සිටියේ ආත්මයන් රාශියක් දුක් වේදනා විඳිනා නොපැහැදිළි ගිනි පාලාවක ය. ඔවුන් මනා උදයෝගයකින් යාච්ඤා කරමින් සිටිය ද ඉන් ඔවුනට උපකාරයක් නොවීය. ඔවුන්ව දවා හරිමින් බුරබුරා නැගී ගිනි දළුවලින් මට කිසිදු හානියක් නොවී, මගේ රැකවල් දේවදූතයා මොහොතකට හෝ මා අසළින් නොගොස් රැදී සිටියේ ය. ඔවුන්ගේ බයානකම වධ වේදනාව කුමක්ද යි මම මෙම ආතමයන්ගෙන් ඇසුවෙමි. එක ම හඬින් මට පිළිතුරු දුන් ඔවුන් කියා සිටියේ ඔවුන්ගේ භයානකම විධ වේදනාව දෙවියන් වහනසේ මුහුණට මුහුණ දකීමේ සාපිපාසි බවයි, දේව මාතා වහන්සේ ශුද්ධිකයිනිස්ථානයේ මෙම ආත්මයන් බලන්නට එනු මම දිටිමි ආත්මයන් ඕ තමෝ ආමන්ත්‍රණය කළේ "සාගරේ තරු වෙනී යනුවෙනි. ඕ තොමෝ මෙම ආත්මයන්ට සැකසීමක් ගෙනාහ. මොවුන් සමග තව තවත් කතා කිරීමට මට උවමනා කළත් මාගේ රැකවල් දේව දූතයා එතැනින් යන්නට සංඥා කලේ ය. ඒ මහා වධ වේදනාවේ සිර ගෙදරින් අපි නික්මුණෙමු මාගේ යුක්තියට මෙය අවශ්‍ය වේ යන හඬක් අභ්‍යන්තරයෙන් මට ඇසිණි. ඒ මොහොතේ සිට වේදනා විඳින ආත්මයක් සමග මම වඩ වඩා සමීපව සිටිමි.

(දින පොත 20)


~ තීක්ෂණ අනුහස්