BLANTERORBITv101

කතෝලික ධර්මාධිකරණ | Catholic Inquisition

   


             වර්තමානයේ සමාජ මාධ්‍ය ජාලා තුළ විශාල වශයෙන් ප්‍රචාරය වන කරුණක් වන්නේ කතෝලික සභාවේ Inquisition(ධර්මාධිකරණ) මගින් කතෝලික සභාව වෙත මිනිසුන් හරවා ගැනීමට කතෝලික නොවන ක්‍රිස්තියානින් ඇතුළු, කතෝලික සභාව ප්‍රතික්ෂේප කරන්නන්ව දඩුවම් දී ම්ලේච්ඡ ලෙස මරා දැමුවායි යන්නයි.නමුත් සැබෑ ඉතිහාසය අධ්‍යනය කිරීමේදී පෙනෙන්නේ හාත්පසින්ම වෙනස් කරුණකි.බොහෝ මූලධර්මවාදීන් තමන්ගේ සභාවන්ට පිවිතුරු ඉතිහාසයක් ඇති බව මවා පෙන්වීමට උත්සහා දරයි.නමුත් ප්‍රොතෙස්තන්ත්‍ර සභාවන්ටද ඇත්තේ අදුරු ඉතිහාසයකි.උදාහරණ වශයෙන් ප්‍රොතෙස්තන්ත්‍ර ප්‍රතිසංස්කරණයේ පුරෝගාමියෙකු වූ ජෝන් කැල්වින් පුලුස්සා දැමූ පිරිසව දැක්විය හැක.ඔය එක් උදාහරණයක් පමණයි.නමුත් මෙම ලිපියේ අරමුණ කතෝලික ධර්මාධිකරණයේ සැබෑ ඉතිහාසය පෙන්වීම නිසා ප්‍රොතෙස්තන්ත්‍රකරුන් විසින් කතෝලිකයන්ව පීඩා කළ ආකාරය පිළිබදව ලිපි මාලාවක් ඉදිරියට ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.


බොහෝ කතෝලික සභාවට චෝදනා එල්ල කරන පුද්ගලයන් inquisition හී ස්වභාවය,අරමුණවත් නොදන්න අය බව ඔවුන්ගේ චෝදනා වලින්ම පැහැදිලි වේ.

වේදභේදයන්ට හා විරුද්ධවාදීන්ට ප්‍රතිචාර දැක්වීමේ ඉතිහාසය


ඇත්තෙන්ම ක්‍රිස්තියානි ධර්මාධිකරණ යනු බයිබලීය මූලධර්මයකි.අපෝස්තුළුරයන්ගෙ ක්‍රියා පොත,පාවුලු තුමන්ගේ ලිපි වල දැක්වෙන අයුරින් මුල්ම සභාවේ සිටම, අපෝස්තුළුරයන්ගේ ඉගැන්වීම විකුර්ති කළ අයට මෙන්ම එයට විරුද්ධව කතා කළ අයට මුල් කතෝලිකයන් ප්‍රතිඋත්තර ලබා දුන්නේය.සභාවෙන් නෙරපා හැරීම බයිබලය තුළින්ම පැමිණෙන කරුණකි.

ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධ ව පව් කළොත්, පෞද්ගලික ව ඔහු හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔබ කියන දේ ඔහු පිළිගත්තොත්, ඔබ ඔබේ සහෝදරයා දිනාගත්තෙහි ය. නොපිළිගත්තොත්, සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන් දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් හැම පැමිණිල්ලක් ම ස්ථීර වන පිණිස ඔබ සමඟ තවත් එක් කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගෙන යන්න. ඔහු ඔවුන් කියන දේත් නොපිළිගත්තොත්, සභාවට දන්වන්න. සභාව කියන දේත් නොපිළිගත්තොත්, ඔහු විජාතිකයෙකු හෝ අයකැමියෙකු මෙන් සලකන්න.

 

ශුද්ධවර මතෙව් 18:15‭-‬17

පසුකාලීනව කතෝලික ක්‍රිස්තියානි දහම රෝමානු අධිරාජ්‍යයේ හා යුරෝපා කලාපයේ රාජ්‍ය ආගම බවට පත්වීමෙන් පසුව ක්‍රිස්තියානි දහම සමාජයේ ප්‍රධාන අංගයක් බවට පත්විය.ආගම සමාජයේ එකමුතුවට හේතුවන සංස්කෘතිමය ඒකකයක් ලෙස සැලකිය.කතෝලික විශ්වාසයට පිටුපා යාම සමාජයේ එකමුතුවට විරුද්ධව යන කරුණක් විය.

වේදභේදයන්(Heresies) සැලකුවේ කිතුණුවන්ගේ ගැලවීමට තර්ජනයක් වන නපුරක් ලෙසය.එහෙයින් පූජ්‍ය හා ගිහියන් යන දෙපාර්ශවයම සැමවිටම උත්සහා කළේ බේදභේදයන්ගෙන් තොර සාමකාමී සමාජයක් ගොඩ නැගීමටය.

Inquisition යනු කුමක්ද?


නිර්වචනය අනුව, Inquisition යනු "සභාව විසින් කරන විමර්ශන" විය. විශේෂයෙන් ආරම්භයේ දී, ඒවා පාප්තුමාගේ නියෝජිතයෙකු, ප්‍රාදේශීය බිෂොප්වරයා හෝ පාප් වහන්සේ විසින් එම කාර්යය සඳහා පත් කරන ලද ආගමික නිකායක සාමාජිකයෙකු හරහා සභාව විසින් පවත්වන ලද හෝ අධීක්ෂණය කරන ලද විමර්ශන සහ නඩු විභාග විය.මෙම පරීක්‍ෂණ සිදුවුනේ කලාතුරකිනි, යම් කලාපයන් එවැනි පරීක්‍ෂණවලට යොමු නොවී දශක ගණනාවක් පැවතිනි.

විමර්ශනවලය සාමාන්‍යයෙන් පාපොච්චාරණය සහ නැවත හරවාගැනීම ඉලක්ක කරගත් අධිකරණ ක්‍රියාවලියක් ඇතුළත් විය.ප්‍රාදේශීය තත්වයන් යටතේ පළාත් පාලන ආයතන සමඟ වැඩ කරන ප්‍රාදේශීය බිෂොප්වරු සාමාන්‍යයෙන් විමර්ශන උසාවි පැවැත්වූහ.ඔවුන්ගේ ඉලක්කය වූයේ මිථ්‍යාදෘෂ්ටික අදහස් හෝ ඇදහිල්ලට පටහැනි ක්‍රියාකාරකම්වල නියැලුන පුද්ගලයන්ව පශ්චාත්තාපික ක්‍රියාවලියකට යොමු කිරීමයි.එම අරමුණ සාක්ෂාත් කර නොගත්තේ නම් සහ පුද්ගලයා බරපතල මිථ්‍යාදෘෂ්ටියක් දිගටම කරගෙන ගියහොත්, ඔවුන්ව අදාළ රාජ්‍ය බලධාරීන්ට භාර දෙනු ඇත.
සභාව පරීක්ෂණ සහ නඩු විභාග පැවැත්වීය.දඬුවම් ලබාදීම රාජ්‍ය බලධාරීන් අතට පත් විය.

මෙම මධ්‍යතන යුගයේ අධිකරණ ක්‍රියාත්මක වූයේ කෙසේද?


මධ්‍යතන යුගයේ Inquisition අධිකරණ ක්‍රියාත්මක වූයේ Circuit අධිකරණ මෙන්ය.එහිදී මිථ්‍යාදෘෂ්ටියේ ප්‍රතිවිපාක පිළිබඳව දේශනා කරනු ලබන අතර චූදිතයාට පාපොච්චාරණයට සහ පසුතැවිලි වීම සඳහා සහන කාලයක් ලබා දෙන ලදී.පසුතැවිලි වීම ප්‍රතික්ෂේප කළ අයව විභාග කරන ලදී.වැරදිකරුවන් බව ඔප්පු වී තවමත් පසුතැවිලි වීම ප්‍රතික්ෂේප කරන අයව නෙරපා හරිනු ලබන අතර දඬුවම් සඳහා අදාළ රාජ්‍ය බලධාරීන් වෙත භාර දෙනු ලැබේ.  බොහෝ දුරට, මෙම ධර්මාධිකරණ සාමාන්‍ය උසාවි වලට සමානව ක්‍රියාත්මක වූ නමුත් දඬුවම් සාපේක්ෂව අඩු විය.

මධ්‍යතන යුගයේ ධර්මාධිකරණ මගින් වධහිංසා ලබා දුන්නේද?


වරදකට දඩුවම් ලබා දීම රෝම යුගය දක්වා දිවෙන අධිකරණ ක්‍රියාවන්ට පොදු වූ අතර,චෝදනා ඔප්පු කිරීම සඳහාද වධහිංසා පැමිණවීම ඇතැම් අවස්ථාවලදී භාවිතා කරන ලදී.එහෙත්, ධර්මාධිකරණයේ ඉලක්කය වූයේ මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ හා සමස්ත සමාජයේ ආත්මයන් ක්‍රිස්තු තුමන් තුළින් ගැලවීම කරා ගෙනයාමයි.බොහෝ විට, සාමාන්‍ය ගිහියන්ට අවශ්‍ය වූයේ මිථ්‍යාදෘෂ්ටිකයන් මරා දැමීමට වන අතර, රාජ්‍ය බලධාරීන්ටද දඬුවම් කිරීමට අවශ්‍ය විය.මිථ්‍යාදෘෂ්ටිකයෙකු නැවත පිවිතුරු විශ්වාසයට ගෙන ඒමට උසාවි බලාපොරොත්තු වූ අතර, වධහිංසා පැමිණවීමට එරෙහිව මාර්ගෝපදේශ දැඩි විය.වධහිංසා පැමිණවීමේදී ක්‍රියාකාරී භූමිකාවක් ගැනීමට පූජකයෙකුට හෝ සභා සාමාජිකයන්ට අවසර නොලැබුණි.

අද තිබෙන සමාජ පද්ධතිය අනුව එවැනි කිසිදු ක්‍රියාවක් යුක්ති සහගත නොවුනද, මධ්‍යතන යුගයේ ධර්මාධිකරණ සැබවින්ම එවකට සාමාන්‍ය අධිකරණ ක්‍රියාදාමයන්ට පොදු වූ පුරුද්දක් වෙනස් කරමින් සීමා කරමින් සිටි බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.   ධර්මාධිකරණවලදී වධහිංසා පැමිණවීම සාමාන්‍ය උසාවිවල සම්මතයන්ට වඩා බෙහෙවින් අඩු පුළුල් පරීක්ෂණ වූ අතර ප්‍රචණ්ඩත්වයෙන් අඩු විය.

ධර්මාධිකරණ තුළ විභාග කරන ලද "අපරාධ" මොනවාද?


දහසයවන ශතවර්ෂයේ ප්‍රොතෙස්තන්ත්‍ර ප්‍රතිසංස්කරණවාදීන් ප්‍රචාරය කළේ මෙම විමර්ශන බයිබලය විශ්වාස කරන කිතුනුවන් ඉලක්ක කරගත් බවයි.කෙසේ වෙතත්, බොහෝ දුරට, ධර්මාධිකරණ උසාවිවල නඩු පවරනු ලැබුවේ සංවිධානාත්මක දේවධර්මයක් ඇති අය නොවේ.බොහෝ දුරට, ඔවුන් නූගත්, කරදරකාරී, පුරසාරම් දොඩන්නන් විය.

අද ඕනෑම අධිකරණයක් මෙන්, ධර්මාධිකරණ බොහෝ විට ක්‍රියාත්මක වූයේ පිළිගත් සම්මතයන්ට පටහැනිව ප්‍රසිද්ධියේ ජීවත් වූ අය ඉලක්ක කරගත් සමාජ පාලන ආකාරයක් ලෙස ය.  බොහෝ රටවල, නඩු විභාගයට ලක් වූ අය පරස්පර විරෝධී හෝ මිථ්‍යාදෘෂ්ටික දේවධර්මවාදී විශ්වාස පද්ධතියක් වෙනුවෙන් පෙනී සිටියේ කලාතුරකිනි.  වේශ්‍යාකම, කාමමිථ්‍යාචාරය, සක්‍රමේන්තුවලට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීම සහ පොදු භක්ති පිළිවෙත් නොසලකා හැරීම  ධර්මාධිකරණ විසින් විමර්ශනය කරන ලද පොදු පිළිවෙත් විය.ඇත්ත වශයෙන්ම, බොහෝ ධර්මාධිකරණවල ප්‍රධාන අවධානය යොමු වූයේ ගිහියන්ට වඩා පැවිද්දන් කෙරෙහි ය.

ධර්මාධිකරණ ක්‍රියාත්මක වූයේ විද්‍යාඥයන් ඉලක්ක කරගෙනද?


නැත. ගැලීලියෝගේ සුප්‍රසිද්ධ නඩුව හැරෙන්න විමර්ශනයන් විද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ වූයේ කලාතුරකිනි.

ගැලීලියෝගේ පර්‍යේශනයන් සදහාද මූල්‍යමය අනුග්‍රහය ලබා දුන්නේ ජේසු නිකායික පියතුමන්ලාය.එමෙන්ම අදහාගත නොහැකි සුවිශේෂී කරුණක් වන්නේ ගැලීලියෝගේ දියණියද කතෝලික කන්‍යා සොහොයුරියකි.මෙම සිද්ධි තුළින්ම ගැලීලියෝ හා කතෝලික සභාව අතර තිබූ සම්බන්ධය පැහැදිලි වේ.ගැලීලියෝව කතෝලික සභාව විසින් නිවාස අඩස්සියට තැබීමට හේතුව වූයේ එකල විද්‍යාත්මකව තහවුරු කිරීමට අපොහොසත් වුන විද්‍යාත්මක නියමයන් ප්‍රසිද්ධ කිරීම හා බයිබලය වැරදි ලෙස අර්තකතනය කිරීමයි.මෙම හේතුවෙන් කතෝලික සභාව විද්‍යාඥයන්ව දඩයම් කලා යන්න අදේවාදීන් ප්‍රකාශ කිරීම ඓතිහාසික විහිලුවක් පමණයි.

ඇත්ත වශයෙන්ම, ගැලීලියෝ මෙන් දේවධර්මීය ප්‍රකාශ කිරීමට ඔවුන් දැරූ උත්සාහයන් නිසා ධර්මාධිකරණයට ​​යටත් වූ විද්‍යාඥයන් ස්වල්ප දෙනෙක් සුළු දඩුවම්වලය ලක් වූහ.කෙසේවෙතත් ඔවුන්ගේ අත්හදා බැලීම්වලට හෝ ඔවුන්ගේ විද්‍යාත්මක අධ්‍යයනයන් සමඟ සුළු හෝ සම්බන්ධයක් තිබුණේ නැත.

ධර්මාධිකරණ පිළිබද මෙතරම් ම්ලේච්ඡ අදහසක් ප්‍රචාරය වුනේ කෙසේද ?


වර්තමානයේ පැතිර තිබෙන බොහෝ මිත්‍යා කතාවන්ට ස්පාඤ්ඤ ධර්මාධිකරණ පරීක්ෂා කිරීම  මූලාශ්රය වී ඇත. නමුත් ස්පාඤ්ඤ ධර්මාධිකරණ ඇත්ත වශයෙන්ම පහළොස්වන සියවසේ මැද භාගයේදී ඉතා නිශ්චිත දේශපාලන අරමුණක් සඳහා වූ ධර්මාධිකරණ සම්මත කිරීමකි.එය මූලික වශයෙන් යුදෙව් සම්භවයක් සහිත විශ්වාසවන්ත කතෝලිකයන් ඉලක්ක කරගත් රජය විසින් පාලනය කරන ලද විමර්ශනයකි.  ප්‍රොතෙස්තන්ත මිථ්‍යාදෘෂ්ටිකයන් සිය දහස් ගනනක් පුළුස්සා දැමූවා යැයි කියන ස්පාඤ්ඤ ධර්මාධිකරණ ප්‍රතිරූපයට කිසිදු පදනමක් නැත - ස්පාඤ්ඤයේ ප්‍රොතෙස්තන්ත්‍ර භක්තිකයන් සිටියේද ස්වල්ප දෙනෙක් පමණි.

පාප්තුමාගේ අනුමැතිය ඇතිව මුලින්ම පිහිටුවන ලද නමුත්, ස්පාඤ්ඤ විමර්ශනය ඉක්මනින්ම ආධිපත්‍යය දැරුවේ ස්පාඤ්ඤ රාජාණ්ඩුව විසිනි - සභාව නොවේ.එය යුදෙව් සහ, පසුව, මුස්ලිමවරුන් ඉලක්ක කරගත් බැවින්, එය වාර්ගික ස්වරූපයක් සහිත විය.එය ප්‍රොතෙස්තන්ත්‍ර ප්‍රතිසංස්කරණ සහ පශ්චාත් ප්‍රොතෙස්තන්ත්‍ර ප්‍රතිසංස්කරණ යුගයේ රෙපරමාදු චින්තනය ස්පාඤ්ඤයෙන් බැහැර කළ බලවේගයක් වූ බැවින්,එවැනි දේවධර්මවාදී විසම්මුතියක් සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම නඩු පවරන ලද සංඛ්‍යාව ඉතා කුඩා විය.

ස්පාඤ්ඤ ධර්මාධිකරණ පිළිබද මිථ්‍යාවන් ප්‍රොතෙස්තන්ත්‍ර ප්‍රතිසංස්කරණකරුවන්ගේ ප්‍රචාරණයේ මූලික මූලාශ්‍රය බවට පත් වූ අතර එය ධර්මාධිකරණය ගැන නවතම මිත්‍යා මත ඔවුන් නිර්මාණය කළේය.මෙය සැඟවුණු, බයිබල් විශ්වාස කරන ක්‍රිස්තියානින් ඉලක්කරගෙන සිදුවූ බව ප්‍රකාශ කිරීම ඉන් මුල් තැන ගත්තේය.

මිය ගිය ප්‍රමාණය?


ස්පිනිසා විශ්වවිද්‍යාලයේ ඉතිහාඥ, මහාචාර්ය අගොස්ටීනෝ බ්‍රොමෙරෝට අනුව ධර්මාධිකරණ මගින් දඩුවම් හිමි වූයේ මිත්‍යාද්‍රශ්ටිකන් ලෙස විභාගයට ලක්වූ 125 000 කින් 1% ක් පමණයි.ආසන්න වශයෙන් 1000-1500 අතර පිරිසක්.

ස්පාඤ්ඤ ධර්මාධිකරණ ඉතිහාසය පිළිබද ඉහලින් සිටින ඉතිහාඥයකු වන හෙන්රි කාමන් විසින් සදහන් කරන පරිදි ධර්මාධිකරණ මගින් මරණයට පත්වූ සම්පූර්ණ ප්‍රමාණය උපරිම 3000ක් යන්නයි.[The Spanish Inquisition]

එමෙන්ම පාස්ටර් ජෝන් ඩොව්ලින්ග් වැනි කතෝලික විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළ පුද්ගලයන්ට අනුව  ධර්මාධිකරණ මගින් මිලියන ගනනක් මරණයට පත් කෙරූ බව සදහන් කරයි.නමුත් එයට කිසිදු සාක්ශි හෝ පදනමක් නැත.මන්ද එකල යුරෝපයේ මුලු ජනගහනයද සාපේක්ෂව කුඩා අගයකයි පැවතුනේය.

වොශින්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොඩ්නි ස්ටාර්ක් විසින් කතෝලික මිත්‍යා ඉතිහාස කතාවන්ට එරහිව රචිත ග්‍රන්ථයට අනුව මරණ මිලියන ගනනේ මිත්‍යා කතාව ආරම්භයට හේතුව වී ඇත්තේ ස්පාඤ්ඤයට විරුද්ධව පැවති රටවල් මගින් ජනතාව අතර ස්පාඤ්ඤ කෙරෙහි ම්ලේච්ඡ අදහසක් ප්‍රචාරය කිරීමට හා ප්‍රොතෙස්තන්ත්‍ර ප්‍රතිසංස්කරණකරුවන් විසින් කතෝලික සභාව පිළිබද කෲරත්වයක් මවා පා ඔවුන්ගේ සභාවලට ක්‍රිස්තියානින්ව ඈදා ගැනීමටය.

සැබෑ ඉතිහාසය සොයාගන්නේ කෙසේද?


ඉතිහාසය කිසිවිටෙක නොසලකා හැරිය යුතු නොවේ.එමෙන්ම ධර්මාධිකරණ තිබූ බව ප්‍රතික්ෂේප කළ නොහැක.ප්‍රතික්ෂේප කළ යුත්තේද නැත.නව සහස්‍රය ආරම්භයේදී දෙවන වන ජුවාම් පාවුළු පාප්තුමාගේ සමාව අයැදීමේ විස්තර කර ඇති පරිදි, “සභාවේ මිනිසුන්, ඇදහිල්ලේ සහ සදාචාරයේ නාමයෙන්, සත්‍යය ආරක්ෂා කිරීමේ බැරෑරුම් යුතුකමේදී සමහර විට ශුභාරංචියට නොගැලපෙන ක්‍රම භාවිතා කර ඇත.”

ස්පාඤ්ඤ ධර්මාධිකරණයද දේශපාලනීකරනය වූ කළ යම් යම් අක්‍රමිකතාද සිදු වුනි.කිසිදු කටයුත්තක් 100% කාර්‍යක්ශමව සිදුවූ බවට පැවසිය නොහැක නමුත් බොහෝ මූලධර්මවාදීන් හා අදේවවාදීන් මවාපාන ධර්මාධිකරණයේ ඉතිහාසය යථාර්ථයෙන් බොහෝ දුරස් බව ද මතක තබා ගත යුතුය.එය ඔවුන් මවා පාන අන්දමේ ඉතා ම්ලේච්ඡ දෙයක් නොවීය.විශේෂම කරුණ වන්නේ දඩුවම් දෙන ලද්දේ අදාළ රාජ්‍ය බලධාරීන් විසින් යන්නයි.ධර්මාධිකරණ මගින් සිදුකලේ දේවධාර්මික සහය අධිකරණය වෙත ලබා දීමයි.