BLANTERORBITv101

ටියුරින් හී සලුව පිළිබද විද්‍යාත්මක අධ්‍යනය | පළමු කොටස




ටියුරින් හී ශුද්ධ වූ සලුව සමස්ත ක්‍රිස්තියානියම තුළම සුවිශේෂී ස්ථානයක් ගන්නා ශුද්ධ වූ ධාතුවකි.  වර්තමාන පරීක්ෂණ මගින් පෙනී යන්නේ එය ජේසුස් වහන්සේගේ බයිබලානුකුල විස්තර වලට ගැලපෙන කුරුසියේ ඇණ ගසන ලද මිනිසෙකුගේ ඉදිරිපස සහ පසුපස රූප අඩංගු හණ රෙද්දක් බවයි.  බොහෝ ක්‍රිස්තියානින් විශ්වාස කරන්නේ එය කුරුසියේ ඇණ ගැසීමෙන් පසු ජේසුස් වහන්සේගේ දේහය ඔතා තැබීමය භාවිතා කළ රෙදි කැබැල්ල බවයි.  නමුත් එය හුදෙක් විස්තීර්ණ ප්‍රෝඩාවක්(Hoax) යැයිද තවත් සමහරු තර්ක කරති.

මෙම ලිපියේදී, අපි අවධානය යොමු කරන්නේ ටියුරින් සලුවේ සම්භවය පිළිබඳ ආවරණය කෙරෙහි නොව, අධිකරණ වෛද්‍ය විශ්ලේෂණයක් සහ රෝම අධිරාජ්‍ය යුගයේ පැවති කුරුසියේ ඇණ ගැසීමේ පිළිවෙත් සමඟ සැසඳීමක් ඇතුළුව එය දරන පුද්ගලයාගේ වෛද්‍ය විස්තරයක් මත ය.  පසුව, 2 වන කොටසේදී, අපි සලුවේ භෞතික ලක්ෂණ, එහි වයස සහ රූපය සෑදී ඇති ආකාරය සාකජ්ජා කරන්නෙමු.

රෝමානු කුරුසියේ ඇණ ගැසීම


කුරුසියේ ඇණ ගැසීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ පළමුව හෙලා දුටුවන්, ශතාධිපතියෙකු විසින් අධීක්ෂණය කරන ලද සොල්දාදුවන් කණ්ඩායමකින් සමන්විත විශේෂිත කණ්ඩායමක් භාරයේ තැබීමෙනි.  කසයන් සාදන ලද්දේ සම් තීරු වලින් හා යකඩ බෝල කෙළවරට ඇමිනීමෙනි.  වින්දිතයාට කස පහර දීමට සොල්දාදුවන් කිහිපදෙනෙක් සහභාගී විය. කුරුසියේ ඇණ ගැසීමට පෙර කස පහර දීම සඳහා රෝමවරුන්ට භාර දීමට පෙර යුදෙව් උත්තම පූජකයාගේ නිවසේදී ද ජේසුස් වහන්සේට පහර දුන් බැවින් එතුමාට පහර දීම දෙගුණයක් වූ බව ශුද්ධ බයිබලය සාක්ශි දරයි (මතෙව් 26:67).  සුභාරංචි රචකයන් පවසන පරිදි දේශපාලන කැරලිකරුවෙකු("යුදෙව්වරුන්ගේ රජු" (මතෙව් 27:37)) යන චෝදනාව යටතේ ජේසුස් වහන්සේට මරණ දණ්ඩනය නියම විය.

රෝම සොල්දාදුවන් විසින් දඬුවම් නියම කරන ලද වින්දිතයාට කුරුසියේ කෙටි/තිරස් කොටස, කුරුසපත්  කරන ස්ථානයට ගෙන යාමට සිදු වේ.  වින්දිතයාගේ දෑත් කුරුසයේ තිරස් කොටසේ ඇණ ගසා, ඔවුන් එය ඔසවා, ස්ථාවර සිරස් කොටස මත තබනු ලැබීය. ඉන්පසු වින්දිතයාගේ පාදවල ඇණ ගසනු ලැබේ.

බොහෝ අවස්ථාවන්හිදී, මෘත දේහය
සතුන් විසින් අනුභව කිරීම සඳහා කුරුසියේ තබනු ලැබේ, නමුත් ඉල්ලීම මත එය භූමදානය සඳහා ලබා ගත හැකි විය.  මෘත දේහය මුදා හැරීමට පෙර, වින්දිතයා මිය ගිය බව සහතික කිරීම සඳහා සොල්දාදුවන් විසින් පරික්ශා කිරීමක් සිදු කිරීම සාමාන්‍ය දෙයක් විය. ඒ අනුව, ජේසුස් වහන්සේගේ දේහය බිමට බෑමට පෙර ඔහුගේ පපුව හරහා හෙල්ලයකින් අනින ලදී (ජොහන් 19:34).  මීට අමතරව, ජුදායාවේ රෝම ආණ්ඩුකාරයා වූ පොන්තියුස් පිලාත් විසින් දේහය භූමදානය සඳහා මුදා හැරීමට පෙර ජේසුස් වහන්සේගේ මරණය තහවුරු කිරීමද සිදු විය (මාක් 15:45).

භූමදානය සකස් කිරීම


ටියුරින් සලුවෙහි අඩංගු මිනිසා, එතීමට පෙර සෝදාගත් බව පෙනී යයි. මෙය දෙවන දේවමාළිගාවේ යුගයේ තිබූ යුදෙව් අවමංගල්‍ය චාරිත්‍රවලට අනුකූල වූ බවද තහවුරු වේ.  ශරීරය සෝදා, තෙල් හෝ සුවඳ විලවුන්වලින් ආලේප කර, ආවරණයකින් ඔතා ඇත.  තවද ජේසුස් වහන්සේගේ සිරුර හණ රෙද්දකින් ඔතා තිබූ බව සුවිශේෂවල සඳහන් වේ (මතෙව් 27:59; මාර්ක් 15:46; ලූක් 23:52).

පාස්කු සතියේ යුදෙව් සබත් දිනට පෙර දින සිකුරාදා අගභාගයේ සිදු වූ එතුමානන්ගේ මරණය හේතුවෙන් ජේසුස් වහන්සේව සම්පූර්ණ නොවූ සූදානමකින් පසු කඩිමුඩියේ තැන්පත් කරන ලදී.  ස්ත්‍රීන් ඉරිදා ජේසුස් වහන්සේගේ සොහොන් ගෙය වෙත ආපසු පැමිණියේ ඔවුන් විසින් එකතු කරන ලද සුවඳ ද්‍රව්‍ය සහ සුවඳ විලවුන් සමඟ භූමදානය සූදානම් කිරීම සඳහාය (ලූක් 23:52-24:1).  බයිබලානුකුල වාර්තා වලට අනුව, කාන්තාවන් සොහොන් ගෙය තුළ සොහොන් රෙදි සොයාගෙන ඇත, නමුත් ජේසුස් වහන්සේගේ දේහය සොහොන් ගෙය තුළ නොවීය (ලූක් 24:12; ජොහන් 20:2-9).

සලුවෙහි සටහන් මිනිස් රුව පරීක්ෂා කිරීම


ටියුරින් සලුවේ ඉදිරිපස සහ පසුපස රූප නිරුවත්, රැවුල් වවාගත්, දිග හිසකෙස් ඇති, සෙන්ටිමීටර 183 (අඩි 6) පමණ උසකින් යුත් මිනිසෙකු නිරූපණය කරයි. මිනිසාගේ බර  ආසන්න වශයෙන් 70 kg (~154 lbs) විය හැකිය. ඉදිරිපස සහ පිටුපසින් වටකුරු ලේ ධාරා සටහන් වේ. මුහුණ දෙපස හිසකෙස් දිස් වේ.  බෙල්ල නොපෙනේ.  නළල, ඇහිබැම, දකුණු ඉහළ තොල් සහ හකු ඉදිමීම ඇත.  නාසික කාටිලේජය වෙන් කර ඇත. අත් පෙකණියට පහළින් තබා ඇත.  මාපටැඟිලි නොපෙනේ.  තුවාළ ලකුණු 100 කට වඩා තිබේ.  දකුණු පස පස්වන සහ හයවැනි ඉළ ඇට අතර විශාල ඕවලාකාර පපුවේ තුවාලයක් ඇත. පපුවේ තුවාලය, හිස්කබල, අත් සහ පාද දෙකෙන් රුධිර ගලාගිය බවට දිස්වේ.

අධිකරණ වෛද්‍ය විශ්ලේෂණය


ටියුරින් සලුවේ සටහන, බයිබලානුකුල වාර්තාවේ විස්තරවලට අනුකූලව මුහුණට පහරවල් කිහිපයක් නිරූපණය කරයි (මතෙව් 26:67, 27:30).  හිස් කබලෙන් ගලා එන රුධිර වහනය, කටු ඔටුන්නකට අනුරූප වන සිදුරු තුවාල පෙන්නුම් කරයි (මාක් 15:17).  රෝමානුවන් ඔවුන්ගේ කසවල කෙළවරට ඇමිනූ යකඩ කැබලිවල ප්‍රමාණයට හා හැඩයට තුවාළ ලකුණු ගැලපේ.  තුවාල ලකුණු ද ද්විපාර්ශ්වික වන අතර, සිරුරේ දෙපැත්තෙන් එන බව පෙනේ, එය මගින් සොල්දාදුවන් කණ්ඩායමක් පහරදීම සිදු කළ බවට යෝජනා කරයි (ජොහන් 19:1; මාක් 15:15-16).

පපුවේ තුවාලය මගින් පෙනහළු කඩා වැටෙන අතර හෘදයේ දකුණු කුටීර කැඩී යාමෙන් හෙල්ලය විනිවිද යාමට අනුකූල වේ.  පපුවේ තුවාලයට පහළින් රුධිරය වියළීමක් හෝ කැටි ගැසීමක් වී ඇත (ජොහාන් 20:24-27 ).

බෙල්ල සහ පාද නැමුණු බව පෙනේ.  මෙය වඩාත් හොඳින් පැහැදිලි කරනුයේ rigor mortis මගින් වන අතර, වින්දිතයා මිය යන මොහොතේ ඉහළ පරිවෘත්තීය තත්ත්වයක සිටින විට, බොහෝ විට ප්‍රචණ්ඩකාරී මරණයකදී සිදු විය හැක.  එමගින් රූපය තුළ, අත්ල, මාපටැඟිලි නොපෙනෙන්නේ මන්දැයි පැහැදිලි කරයි. 

ශ්‍රේෂ්ඨ අරුත


ටියුරින් සලුව, රෝම කුරුසියේ ඇණ ගැසීමේ නිවැරදි නිරූපණයක් නිරූපණය කරයි.  එපමනක් නොව, සටහන් වී ඇති රූපය බයිබලානුකුල වාර්තාවල විස්තර කර ඇති ජේසුස් වහන්සේ ඝාතනය කිරීමේ සුවිශේෂී ලක්ෂණ වලට ගැලපේ.  සත්‍යතාව පිළිබඳ ප්‍රශ්න පසෙක තබා, ටියුරින් සලුවෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් වේදනා සහ මරණය පිළිබඳ දෘශ්‍ය නිරූපණයක් ඉදිරිපත් කරන අතර මනුෂ්‍ය සංහතිය කෙරෙහි දෙවියන් වහන්සේගේ අතිමහත් කරුණාව පෙන්වා දෙයි.

"ක්‍රිස්තුන් වහන්සේගේ යාගික රුධිරය කරණකොටගෙන, දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්පතේ ප්‍රකාරයට අපට මිදීමත්, පව් කමාවත් ලැබී ඇත."- එපීස ‍ 1:7


මූලාශ්‍ර

• Joseph W. Bergeron, The Crucifixion of Jesus: A Medical Doctor Examines the Death and Resurrection of Christ (Rapid City, SD: Crosslink, 2019), 92.

• Bergeron, The Crucifixion of Jesus

• Frederick T. Zugibe, “The Man of the Shroud Was Washed,” Sindon N.S., Quad. No. 1, June 1989 (accessed February 2, 2021). See also, Frederick T. Zugibe, The Crucifixion of Jesus: A Forensic Inquiry (New York: M. Evans, 2005), 218–27.

• Rachel Hachlili, Jewish Funerary Customs, Practices and Rites in the Second Temple Period (Leiden: Brill, 2005), 480.

• Zugibe, The Crucifixion of Jesus