BLANTERORBITv101

පූජනීය නිහැඩියාව යනු කුමක්ද?


කතෝලික ධර්මය විශ්වීය ධර්මයක් වන අතර එයට ශුද්ධ ලියවිල්ලි මත පදනම් වූ චාරිත්‍ර වාරිත්‍ර ඇති අතර එ පමණක් නොව සභා සම්ප්‍රදායක් ද වේ. එම සිරිත් විරිත් තුළ, ජනවන්දනාව ඉහළම තැන ගන්නා අතර දිව්‍ය පූජාව එහි මුදුන් මල්කඩ වේ. ඉතින්, බොහෝ විට ශුද්ධ වු සභාව එහි පුජනීයත්වය මෙන්ම විශ්වීයත්වය පවත්වා ගැනීමට උත්සුක වේ. අද අපි සාකච්ඡා කරනුයේ ශුද්ධ වූ දිව්‍ය යාගයේදී ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කරන පොදු අතපසු කිරීමක් ගැන ය.

පූජනීය නිහැඩියාව යනු කුමක්ද?

දිව්‍ය පූජාවේදී පියතුමා අපගේ ගැලවුම්කරුවාණන්ගේ අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය සිහි කරමින් උන්වහන්සේගේ වචන කීමෙන් පසු පූපය සහ මිදිරස කුසලානය වෙන වෙනම මහජන ගෞරවය උදෙසා ඔසවයි. මීට වසර 2000 කට පෙර කල්වාරි කන්ද මත එසවුණු කුරුසය සංකේතවත් කරන ශ්‍රී ශරීරය සහ ශ්‍රී රුධිරය ඔසවන විට අපගේ හදවත් ද ඔසවා තැබීමට අපට මේ පූජනීය නිහැඩියාව ආරාධනා කරන කාලයක් ලෙස මෙසියල් සංග්‍රහය හදුන්වයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට අපගේ එදිනෙදා ජීවිතයේදී අප ගෙන යන සියලු වේදනා, කරදර සහ කුරුස එම මොහොතේදී ඔසවා තැබිමට අපට පුළුවන්. ශුද්ධ වූ සභාව අපෙන් බලාපොරොත්තු වන්නේ මෙයයි.

නමුත් බොහෝ ශ්‍රී ලාංකික දෙව්මැදුරු වල, අප බොහෝ දෙනෙක් වැරැද්දක් කරන්නේ “මගේ දෙවියන් සහ මාගේ ස්වාමීන්” යැයි කීමෙනි. එය පූජනීය වශයෙන් වැරදිය. අපි ශාන්ත තෝමස් තුමාගේ මේ වචන කියන්නෙමු, නමුත් අපි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය හා රුධිරය දෙසට අපගේ හදවත් ඔසවන්නේ නැත. ජේසුස් වහන්සේ වරක් පැවසුවා මගේ මාර්ගය අනුගමනය නොකර මට ස්වාමිනි , ස්වාමීනි, කියන උදවිය මට ප්‍රසන්න නොවේ කියා. මෙම වැරැද්ද කිරීමෙන් අපි කරන්නේ එම දේමයි. අපි කියන්නේ ඔබ මගේ ස්වාමියා කියායි. නමුත් එය අපගේ හදවත දෙවියන් වහන්සේ වෙතට ඔසවා තැබීම නොසලකා හරිනු ලැබේ. සමිඳාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන්නේ මෙය නොවේ. මෙම පරිශුද්ධ නිශ්ශබ්දතාවයේ දී අප අපගේ හදවත් ඔසවා අපගේ දෙවි සමිඳාණන් වහන්සේට අප ජීවත පවරා දිය යුතු වේ.

අපි මේ අතපසු වීම නිවැරදි කර ගමු, එලෙසම මෙම පණිවිඩය අපගේ අසල්වැසියන්ට සහ මිතුරන්ට ද ගෙන යමු.

– නුවන් ප්‍රනාන්දු (20.21).