BLANTERORBITv101

පාතිමා රහසේ පළමු කොටස නිරයේ දර්ශණය

ලුසියාගේ " මතක " යන කෘතියේ සඳහන් කර ඇති ලෙස, මරිය තුමී ඔවුනට කලින් ප්‍රකාශ කර තිබු ලෙස, දකින්න සැලැස්වූ, නිරයේ භයංකර දර්ශය මෙසේය. විශාල ගිනි ජාලාවක්  ඒ තුළ, මනුෂ්‍ය වෙසින් සිටි තඹ පැහැති, විනිවිද පෙනෙන සුළුයයින් හා භූතයින් නලියමින් ගින්නෙන් දැවෙමින්, සිත් කම්පා වන මර ලතෝති නගනවා අපි දුටුවෙමු. වරක් ගිනි දැල් තුළින් අඳුරු දුම්වලා පටලයන් සමඟ ඔවුන් ඉහළට ඇදී යයි. වරෙක ගිනි දැල් විසින් කඩා හැලෙන ගිනි පුපුරු මෙන්, නැවත සෑම තැන විහිදී විසිරි බිමට කඩා පතිත වේ. බලාපොරොත්තු සුන්වීමෙන් වේදනා හා කෙදිරි ගෑමෙනුත්, අප බිය ගැන්වින. ස්වර්ගයට ගෙන යැමට අපට පොරොන්දුවක් කලින් දී නොතිබුනා නම් ඒ දර්ශණය දුටු අපව හයෙන්ම මිය යන්න තිබුනා.

මේ දර්ශණය දැකීමට සැලැස්වීමෙන් පසු එතුමී අප වෙත කරුණාබර බැල්මක් හෙලා, "අවාසනාවන්ත පකවිකරුවන්ට හිමි වන නිරය ඔබ දැන් දුටුවා. ඔවුන් ගලවා ගැන්ම පිණිස මාගේ නිර්මල හාදයට අභ්‍යාසයක් ඇරඹීම දේව අභිප්‍රායයි. මා කියන දේ කෙරෙන්නේ නම් බොහෝ ආත්මයෝ ගැලවෙනවා පමණක් නොව ලොවට සාමය උදා වන්නේය. වත්මන් යුද්ධය සුළු කාලකදී නිම වනු ඇත. එහෙත් පාපය හේතුවන් දෙවියන්ට අනදර කිරීම ලෝකයා අවසන් නොකලොත්, මීට වඩා නපුරු දේ ඔවුන් අත් දකින්නෝය. 'එතුමී මෙලෙස ඉඟියක් දුන්නේ. 1939 දී ඇරඹී, දෙවන ලෝක සංග්‍රාමය ගැනය. "යුද්ධ, සාගත, ආගමික පීඩන හා ශු. පියතුමාට පීඩා ඇති කිරීම පාපයේ හේතුවෙන් දෙවියන් වහන්සෙද් ලෝකයාට පමුණුවන දණ්ඩණයන්ය. මෙය වළක්වාගෙන, ලොව මුදා ගැන්ම සඳහා රුසියාව මාගේ නිර්මල හෘදයට කැප කරනු ලෙසත්, මාසයේ පළමු සෙනසුරාදා භක්තිය වර්ධනය කරන ලෙසත් ඉල්ලීමට මම පැමිණියෙමි. රුසියාව සත්‍ය කරා යොමු වී මුළු ලොවටම සාමයේ හා ශාන්තියේ යුගයක් උදා වන්නේය.(1917.07.13)

🩸🩸🩸 වැඩි විස්තර සඳහා මෙම චිත්‍රපටය නරඹන්න.

http://ok.ru/video/2535524076035

(Full Movie)


- තීක්ශණ අනුහස්