BLANTERORBITv101

මරියතුමියගේ ස්වර්ගාරෝපණය හා සම්බන්ධ ඓතිහාසික පසුබිම




පුරාවිද්‍යාව මගින් මරියතුමියගේ සොහොන් දෙකක් සොයාගෙන ඇත, එකක් ජෙරුසලමේ සහ එකක් එෆීසයේ ය. මෙම ස්ථාන දෙකේම මරිය තුමිය ජීවත් වූ බව සොහොන් දෙක පැහැදිලි කරයි.  නමුත් උපකල්පනයට අමතරව පැහැදිලි කළ නොහැකි දෙය නම් කිසිදු සොහොනක සිරුරක් හෝ අවම වශයෙන් කිසිදු ධාතු කොටසක් නොමැති වීමයි.  මුල් සභා ඉතිහාසය පිරික්සන ඕනෑම අයෙක් දන්නා කරුණක් වන්නේ මාංශය පාපයක් යැයි ප්‍රතික්ෂේප කළ Gnostic මිත්‍යාද්‍රශ්ටිකදයන්ට පිළිතුරු වශයෙන් සාන්තුවරයන්ගේ හා අපෝස්තුළුරයන්ගෙ ධාතු සෙවීමට, සංරක්ෂණයට හා ඉතා ගෞරවාදරයට පත් කිරීමට මුල් ක්‍රිස්තියානීන් උද්‍යෝගිමත්ව යොමු වූ බවයි.අපෝස්තුළුවරුන්ගේ සහ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සාන්තුවරයන්ගේ සහ ප්‍රාණ පරිත්‍යාගිකයන්ගේ ධාතු අප සතුව තිබීමට මෙය එක් ප්‍රධානම හේතුවකි.  නමුත් මුල් ක්‍රිස්තියානියේ සියල්ලට වඩා ප්‍රධාන චරිතයක් වූ දේවමාතාවන්ගේ ශරීරයේ එක ධාතුවක්වත් නොතිබීම ඉතාමත් පුදුම සහගත කරුණකි.

එමෙන්ම හයවන සියවස් කාලයේදී Transitus Stories නමින් මරියතුමියගේ ස්වර්ගාරෝපණය පිළිබදව පැතිරුණ කතාවක් විය. A.A වෙන්ගර් පියතුමන්ට ග්‍රීක අත්පිටපතක් හමු විය, එය විද්වතුන් කලින් සත්‍ය යැයි විශ්වාස කළ දේ තවතවත් තහවුරු කළේය.  හයවන ශතවර්ෂයේ ලෝකයේ විවිධ ප්‍රදේශවල මරිය තුමියගේ ස්වර්ගාරෝපණය පිළිබඳ සමාන කථාවක් පැවසූ මුළු අත්පිටපත් සමූහයක් සැරිසැරූ බව නිසා, සෑම කෙනෙකුටම ඔවුන්ගේ දත්ත ලැබුණු පෙර අත්පිටපත් තිබිය යුතු විය.  වෙන්ගර් පියතුමා මෙම මුල් අත්පිටපත් වලින් එකක් සොයා ගන්නා ලද අතර, පසුව හයවන සියවසේදී තෙසලෝනිකයේ ජෝන් තුමන් විසින් ස්වර්ගාරෝපණය පිළිබඳ ඔහුගේ ඉගැන්වීමේදී භාවිතා කරන ලද මූලාශ්‍රය ලෙසද එය සැලකේ.

"Some years later, M. Haibach-Reinisch added to the dossier an early version of Pseudo-Melito, the most influential text in use in the Latin Church. This could now, it was clear, be dated earlier than the sixth century. . . . V. Arras claimed to have found an Ethiopian version of it which he published in 1973; its similarity to the Irish text gave the latter new status. In the same year M. Van Esbroeck brought out a Gregorian version, which he had located in Tiflis, and another, a Pseudo-Basil, in the following year, found in Mount Athos.
Much still remains to be explored. The Syriac fragments have increased importance, being put as far back as the third century by one commentator. The whole story will eventually be placed earlier, probably in the second century."(Theotokos: A Theological Encyclopedia of the Blessed Virgin Mary)

මෙය සැලකිය යුතු මට්ටමේ විශේෂ  ඒවා විය.  එමෙන්ම මෑතකදී සොයා ගන්නා ලද මරිය තුමියගේ ස්වර්ගාරෝපණය පිළිබඳ කථා වල සිරියැක් අත් පිටපත් තුන්වන සියවසේ මුල් භාගය දක්වා දිව යයි.  තවද අනාගතයේ තවත් අත්පිටපත් සොයා ගැනීමට හැකි වනු ඇති බවට සැකයක් නැත.  මෙම “ට්‍රාන්සිටස් කතා” ගැන කතා කරන විට අප කතා කරන්නේ ඉපැරණි අත්පිටපත් සහ අත්පිටපත් කොටස් ගැන පමණක් නොව භාෂා නවයකින් ලියැවුණු අත්පිටපත්වල විවිධ අත්පිටපත් “පවුල්” දෙකක් ගැනද කතා කරන බව මතක තබා ගත යුතුය.  ඔවුන් සියල්ලෝම මරිය තුමියගේ ස්වර්ගාරෝපණයට එකඟ වන අතර ඔවුන් උපකල්පනය කරන්නේ කතාව දැනටමත් පුළුල් ලෙස දැන සිටි බවයි.

මුල්ම පියවරුන් ස්වර්ගාරෝපණය ගැන විශේෂ වශයෙන් සදහන් නොකළේ ඇයි?වඩාත්ම පැහැදිලි හේතුව වනුයේ මුල් ශතවර්ෂවල ඇදහිල්ලේ ප්‍රධාන සතුරන් වූ Gnostic මිත්‍යාද්‍රශ්ටිකන් මෙම කාරණය සම්බන්ධයෙන් සභාව සමඟ එකඟ වූ විට, තවදුරටත් ඉගැන්වීම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් නොතිබීමයි.  වෙනත් වචන වලින් කිවහොත්, මෙම කාරණය සම්බන්ධයෙන් කිසිවෙකු එකඟ නොවන බවට වාර්තාවක් නොමැත.

උදාහරණයක් වශයෙන් ජේසුස් වහන්සේගේ බ්‍රහ්මචර්යාව පිළිබඳ මුල්ම පියවරුන්ගෙන් අපට සදහනක් විශේෂයෙන් හමු නොවේ, නමුත් එය ද ඉගැන්වීම පිළිබඳ විශ්වීය එකඟතාවය නිසා විය හැකිය.  මුල් ක්‍රිස්තියානි සාහිත්‍යයේ බොහෝමයක් ප්‍රතිඋත්තර ලබා දීමේ ස්වභාවයක් විය.  ඔවුන් බොහෝ දුරට කටයුතු කළේ සභාවේ ගැටළු විසඳීමට අවශ්‍ය ඉගැන්වීම් සමඟ ය.

O'Carroll පියතුමන්ට අනුව (Theotokos, 388), ජෙරුසලමේ පූජකයෙකු වන තිමෝති විසින් දිවැසිවර සිමියොන් සහ භාග්‍යවත් කන්‍ය මරිය තුමිය පිළිබඳ හතරවන සියවසේ කළ දේශනාවක් ලෙස ඇතැමුන් විශ්වාස කරන ලද දේශනයකදී, මරියතුමිය “immortal to the present time through him who had his abode in her and who assumed and raised her above the higher regions.” ලෙස හැදින්වීම විශේෂත්වයකි.

ශුද්ධ වූ එෆිෆේනියුස් තුමන්ගේ ලේඛනය

තවද ශ්‍රේෂ්ඨ බිශොප් වරයෙක් හා ඕර්තඩොක්ස් විශ්වාසයේ ආරක්ශකයෙක් වූ එෆිෆේනියුස් තුමන් එතුමන්ගේ යුගයේ තිබුන මිත්‍යාවන්ට ප්‍රතිඋත්තර වශයෙන් පිළිතුරු මාලාවක් ලිවීය. එයින් එක ප්‍රධාන කණ්ඩායමක් වූයේ "Collyridians" නම් මරියතුමිය වන්දනාවේ යෙදුන කාණ්තාවන් කොටසයි. ඔවුන්ට පිළිතුරු වශයෙන් එෆිෆේනියුස් තුමන් ලියූ ලිපියක මෙසේ සදහන් වේ :

"Like the bodies of the saints, however, she has been held in honor for her character and understanding. And if I should say anything more in her praise, she is like Elijah, who was virgin from his mother’s womb, always remained so, and was taken up, but has not seen death."(section 79,Panarion)

ශු. එෆිෆේනියුස් තුමන් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ මරිය තුමිය කවදාවත් මිය නොගොස් ස්වර්ගාරෝපණය වූ යන අදහස සමඟ ඔහුගේ පෞද්ගලික එකඟතාවයයි.  මන්ද මරිය වන්දනාවේ යෙදුන Collyridian මිත්‍යාද්‍රශ්ටිකන්ද මරියතුමියගේ ස්වර්ගාරෝපණය පිළිගත් විට ක්‍රිස්තියානියෙකු වූ එෆිෆේනියුස් තුමන්ද එය පිළිගැනීම ඉතාමත් පුදුම සහගතය. මන්ද එය මුල් ක්‍රිස්තියානි ඉගැන්වීමක් නොවුනේනම් එතුමන් එයද මිත්‍යාවක් ලෙස අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කරනු ඇත. ඔහු තව දුරටත් ස්වර්ගයට ඔසවාගත් බවට පැරණි ගිවිසුමේ සදහන් කරන එළියා දිවැසිවරයාට මරියතුමිය සමග සම්බන්ධ කිරීමෙන් මෙම ඉගැන්වීම තව දුරටත් පැහැදිලි වේ.

සාරාංශය

මරිය තුමියගේ ස්වර්ගාරෝපණය පිළිබඳ ඉගැන්වීම ප්‍රකාශයට පත් කළ කාලයේ සිට, බොහෝ නව ලේඛන/අත්පිටපත් සොයාගෙන තිබේ.  තුන්වන සියවස තරම් ඈත අතීතයේ මරියතුමියගේ ස්වර්ගාරෝපණය පිළිබඳ විශ්වාසය පිළිබඳ ලිඛිත සාක්ෂි දැන් අප සතුව ඇත.  සභාව ශුද්ධාත්ම මගපෙන්වීම මගින් සනාථ කළ ඉගැන්වීම ඉතිහාසය හා පුරාවිද්‍යාව මගින් තවදුරටත් සනාථ කරමින් පවතී.

මූලාශ්‍ර : https://www.catholic.com/magazine/online-edition/the-assumption-of-mary-in-history