BLANTERORBITv101

ලොව පැරණිම මරිය යාච්ඤාව

 1917 දවසක් එංගලන්තෙ රයිලන්ඩ් පුස්තකාලෙ පුරණ ලේඛන අතුරින් එක් විශේෂ ලියවිල්ලක් සොයාගත්තා.මේ පුස්තකාලයේ තිබෙන පුරාණ ලේඛන විවිධ ස්ථානවලින් සොයාගෙන පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිතව එකතු කරන තබා ඇති තැනකි. 1917 දී එතනින් සොයා ගන්නා මේ විශේෂ ලියැවිල්ල පුරාවිද්‍යාඥයන් පරීක්ෂාකර අවසන් වූ පසු එයින් අනාවරණය වූයේ මෙම ලියවිල්ල ක්‍රි.ව 200- 250 අතර කාල පරාසයට අයත් ලියවිල්ලක් බවයි.

විශේෂම කරුණ නම්.පැපිරස් පත්‍රිකා(පුරාණයේ අකුරු ලියන්නට භාවිතා කළ පත්‍ර) මත දුඹුරු පැහැති තීන්ත වර්ගයකින් ලියන ලද මේ ලියවිල්ලෙ අඩංගු වෙන්නේ කනයා මරියතුමියට කරන ලද යාඥාවකි.

ඔවුන් අනුමාන කරන පරිදි මේ යාච්ඥාව ක්‍රි.ව 200-250 ත් ලිඛිතව ලේඛන ගත වුවද ක්‍රි.ව 33 ත් 150ත් අතර කාලයේ සිට පරම්පරාවෙන් පරම්පරාවට මේ පැවත ඇති බවයි.එනම් ක්‍රිස්තුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණ‍ය වූ කාලයේදී,එනම් මුල්ම සභා යුගයටම දිව යන්නක් බවයි.

බොහෝ මූලධර්මවාදීන් පවසන්නේ මරියාවන්ට මිනිසුන්ගේ භක්තිය ඇති වුණේ මේ ලඟදි කියලා, එහෙමත් නැත්තං කොන්ස්ටන්ටීන් අධිරාජයාගෙන් පස්සේ කියලා.

නමුත් මේ යාඥාව බිහිවී තිබෙන්නේ මූලධර්මවාදයේ සභා බිහිවෙන්නට තියා ඒ ගැන හිතුවේවත් නැති කාලයකට පෙර එනම් මෙයට වසර 1800 කට පෙර.

ඊළඟ කරුණ නම් කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා සිටියේ ක්‍රි.ව 306-336 දී.නමුත් මේ යෙදුම බිහිවී තිබෙන්නේ ඊට පෙර කාලයේ දී.ඒ විතරක් නෙමෙයි.දේව මෑණියන්ව සිතු මට නගලා තියෙන ගුහා චිත්‍ර හා කැන්වස් චිත්‍ර ක්‍රිස්තු වර්ෂ 33 සිට ම හමු වෙනවා.පුරාවිද්‍යාඥයින් පවසන පරිදි සමහර චිත්‍රය ඇඳ ඇත්තේ ශුද්ධ වූ ලූක් තුමා.මෙයිනුත් සනාථ වෙනවාමුල් කිතුනුවන් තුළ දේව මෑණියන්ව පිළිබඳ ලොකු භක්තියක් තිබූ බවට.(මේ පිළිබඳව සවිස්තරාත්මක විස්තර ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.)

          ඔවුන් ශු. සබා ඉතිහාසය ඉගෙන ගන්නවා නම් මරියාවන් ගැන  හා කතෝලික සබාව ගැන ඔවුන්ගෙ සිත්වල ඇති දුර්මත පහව යනු ඇත. නමුත් ඔවුන්ගෙ දේවගැතිවරු දැනුවත්ව හා නොදැනුවත්ව එය ඔවුන්ගෙන් වසන් කරති. 

පුරා විද්‍යාඥයින් සොයාගෙන ඇති මේ කාරණය ගැන සිතන්නට යමක් මූලධර්මවාදීන්ට ඉතුරු කර ඇත. කරුණාකර සභා ඉතිහාසය අධ්‍යනය කරන්න.කවරෙකු හෝ සභා ඉතිහාසය අධ්‍යනය කරන්නට පටන්  ගනී ද එතැන් පටන් ඔහු කතෝලිකයකු වීමට පටන් ගනී.

මන්ද ශුද්ධ බයිබලය තුළම ජේසුම පවසා තියෙනවා.බයිබලය තුළ හැමදේම ලියවී නොමැති බව "බයිබලය" කියන නමත් බයිබලයේ සඳහන් වී නැහැ.ඒ නිසා සම්පූර්ණයෙන්ම බයිබලයට කොටු විය යුතු නැහැ.ජේසු ගැන ඉගෙන ගන්න තව ගොඩාක් පැති තියෙනවා.බයිබලයේ මුල් පිටපත් සහ මේ යාඥාවේ පිටපත් දෙකම එකම භාෂාවකින් එකම කාලපරිච්ඡේදයක ලියවිලා තියෙන්නේ නමුත් මේ යාඥාව හමු වුනේ බයිබලය සම්පාදනය කළායිනුත් පසුයි බයිබලය සම්පාදනය කරන කාලේ මේක හමුවුණා නම් එයත් බයිබලයට එකතු වෙනවා


1 මොකක්ද මෙ පැපිරස් පත්‍රිකාවේ තිබූ යැදුම ?


 මෙය ලතින් බාශාවෙන්  " සබ් ටූම් ප්‍රෙසිඩියම්” (“Sub Tuum Praesidium”)  ( in English - we fly to your patronage ) එනම් අප බාශාවෙන් " අපි ඔබගේ සරණ සොයා එන්නෙමු " යන  යැදුමයි..

 බොහො දෙනා සිතන්නෙ " නමෝ මරිය " යැදුම මරියාවන්ට ඇති පරණම යැදුම බවයි. නමුත් සත්‍යය එය නොවෙ. දේව අම්මාට කියන ඉපැරනිම යැදුම ක්‍රි.ව. 3 වන සියවස ( ක්‍රි.ව. 200 - 299 ) කාලයෙ සිටි මුල් සබා යුගයේම ලියැවුන හා භාවිතා උන යැදුමකි. 

 කොටින්ම කියතොත් , අද දේව අම්මාව ප්‍රතික්ශේප කරන " මුලාව ගිය මූලදර්මවාදී සබා"  බිහි වෙන්නට තියා සිතුවෙ වත් නැති, මූලදර්මවාදීන් ඔවුන්  පැවත එනවා යැයි කිසිදු සාක්ශියකින් ඔප්පු නොවන " මුල් සබා යුගයේ" පටන් පැවත එන යැදුමකි.. 

 “නමෝ  මරිය" යැදුමෙ පළමු කොටස වන්නෙ ගේබ්‍රියෙල් දේවදූතයා විසින් දේව අම්මාට කියන ලද ශු. ලූක් සුවිශේශයේ කොටසක්  බව සත්‍යයකි. “ස්ත්‍රීන් අතතුරි ආශිර්වාද ලද්දී ඔබවහන්සේය , ඔබගෙ ශ්‍රී කුසේ ඵලය වන් ජේසුස්  ආශීර්වාද ලද්දෝය” යන වාක්‍ය ඛණ්ඩය ශාන්ත එලිසබෙත් තුමී  විසින් ප්‍රකාශ කරන ලදි. එම කොටසද ලූක් සුබාරංචියෙ ඇත.මෙම වාක්‍ය ඛණ්ඩ බොහෝ විට සබාවෙ  මුල් බැතිමතුන්ද බාවිතා කර ඇත.  කෙසේ වෙතත්,  නමෝ මරිය යැදුමෙ ඉතිරි  කොටස් වන  " සාන්ත මරියනී...... " ජේදය කාලයත් සමඟ ශු. සබාව විසින් එක් කල අතර නමෝ මරිය යැදුම අද අප කියන ආකාරයට සම්පූර්න වූයේ   මධ්‍යතන යුගයේ දීය... 

අද අපේ මාර්තුකාව වන මේ පැපිරස් පත්‍රිකා වලින් හමුවූ  “Sub Tuum Praesidium”  හෙවත් අද මේ  ඉපැරණි යාඥාව  " අපි ඔබගේ සරණ සොයා එන්නෙමු " යන යැදුම නමෝ මරිය යැදුමටත් වඩා ඉපැරනි මුල් කිතුනු සංගය විසින් ඈ හට ඇමතු යැදුමයි.  සබාවෙ  මුල් ශතවර්ෂයේ සිටම එනම් ක්‍රි. ව. 200 සිටම මෙම යැදුම  බාවිතා කර ඇත. තවත් අයගේ මතය නම් මේ යැදුම දේව අම්මා ජීවත්ව සිටි ( ක්‍රිස්තුන් වහන්සේගෙ ස්වාර්ගාරෝහනයෙන් පසු කාලය) කාලයේදීම ආරම්බ වූ බවයි. නමුත් ලිකිත සාක්ශි ඇත්තෙ පෙර කී ක්‍රි.ව. 200 පටන් ආරම්බ වූ බවටය .

දැන් ඔබ මේ දකින්නට යන්නේ ඒ සුවිශේෂී යෙදුම.ඔබ මේ පෝස්ට් එකේ පින්තූරයේ දකින ඉරීගිය පැපිරස් පත්‍රිකාව තමයි ඔරිජිනල් යාඥාව.

" We fly to thy patronage, O Holy Mother of God;

despise not our petitions in our necessities,

but deliver us always from all dangers,

O glorious and blessed Virgin. Amen. 

 

    "දෙවියන් වහන්සේගෙ  ශුවිශුද්දවූ මෑනියනි ! අපි ඔබගෙ සරනය සොයමින් එමු.මහිමෝත්තමවූද ආශිර්වාද ලද්දාවූද කන්‍යාවියනි , අපේ ඕනෑකම් වලදී අප කරන යාඥා ඔබ ප්‍රතික්ෂේප නොකොට සියලු අනතුරුවලින් අප ගළවා වදාළ මැනව. ආමෙන් .." 


මෙම යැදුමේ තේරුම කුමක්ද ?


   කැපී පෙනෙන පළමු දෙය නම් එහි  සරල බාවයයි. මෙම යැදුම  ඉතා කෙටි හා සරල නමුත් ගැඹුරු අර්ථයකින් පිරී ඇත. මෙන්න වචන: 

“දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ මෑනියනි., අපි ඔබගේ සරණ පතා ඔබ වෙත  පියාසරකර ( දුවගෙන යන අදහස ) එන්නෙමු..” වෙනත් වචන වලින් කිවහොත්, අපි දෙවියන් වහන්සේගෙ අම්මා වෙත   ඇවිදින්නේ නැත, අපි දුවන්නෙමු. මන්ද? අපේ ඇය  අපගේ මැදිහත්කාරියක්  සේ ඇගේ දිව්‍ය පුත්‍රයා ඉදිරියේ පෙනී සිටින්නීය. අපි අපගේ ස්වාමින් වහන්සේ වෙත ළඟා වන්නේ ප්‍රේමයෙන්, නමුත් අපගේ පව්කාරකම සහ අවිශ්වාසය නිසා යම් භීතියක් ඇත. එබැවින් අප වෙනුවෙන් තම පුතා ඉදිරියෙහි  මැදිහත් වන්නට යැයි , අපගේ දේව අම්මාට කියයි.  මෙයින් අනාවරණය වන තවත් දෙයක් තමයි මුල් කිතුනු සභාව තුළ  මරියවන් දේව මෑණියන් ලෙස පිළිගෙන ඇති බවයි.(Theotokos :- ශු. ත්‍රිත්වයේ දෙවැනි තැනන් වහන්සේගේ ජේසු දෙවියන්ගේ මෑණියන්.දේව මෑණියන් වේ)

 පියෙකු කෙතරම් කරුනාවන්ත වුවත් අප තුල අප පියාට ඇති ගරු බිය නිසා අප යම් දෙයක් කෙලින්ම තාත්තාගෙන් ඉල්ලනවා වෙනුවට කරන්නෙ අම්මාට අපගෙ අවශ්‍යතාව කියා , ඈ හරහා තාත්තට එම ඉල්ලීම යොමු කිරීම නොවේද? 

ජේසුස් වහන්සේගෙ හා මරියාවන්ගෙ මවු -පුතු ස්නේහය බැදීම දුටු මුල් කිතුනුවො  මෙවැනි යැදුමක් ඕ තුමිය වෙත සෑදීම , උච්චාරනය කිරීම අරුමයක් නොවෙ. ගැටලුව මූලදර්මවාදීන්ට මෙම සරල කාරනය නොතේරිමයි..ලෝකයේ ඉන්නේ ශ්‍රේෂ්ඨතම පුතු ජේසු , ඉතින් ඒ ජේසු අම්මා කියලා දෙයක් කවදාත් පැහැර හරින්නේ නැහැ .උදාහරණයක් ලෙස කානා නුවර විවාහ මංගල්‍යය බලන්න.

 " අපගේ ඕනෑකම් වලදි අප කරන යාඥා ඔබ ප්‍රතික්ශේප නොකොට...." මෙම කොටසින් ඇගවෙන්නෙ අප එතුමියට කරන යැදුමක් අසා නොසීටීමට වුවද ඈට හැකිවන  තරමට අප ඇගෙ පුත්‍රයානන් ඉදිරියේ පවුකාර බව නොවේද ? අප ජේසුස් වහන්සේ ඉදිරියෙ පවුකාර නිසා පුත්‍රයාගෙ සිත හොදින්ම දන්නා ඔහුගෙ අම්මා මාර්ගයෙන් අපේ ඉල්ලීම් ඉල්ලන්නෙ එබැවිනි. 

 "සියලු අනතුරු වලින් අප මුදා ගත මැනව ..."  ආත්මීක හා ලෞකීක අනතුරු වලින් අප නිරන්තරයෙන් වටවී සිටින බවක් හැගවේ..


මින් අදහස් වන්නෙ කුමක්ද?


 මෙම යැදුම ලියැවුන කාලය දෙස බලන්න. ක්‍රි.ව. 200 යනු මුල්සබාවට පීඩා පැමිනි කාලයයි.. එම කාලය වන විට මරියාවෝ ස්වර්ගාරෝපනය වී අවසන්‍ ය. එවැනි කාලයක මෙම යැදුම කෙතරම් ප්‍රචලිතව තිබෙන්නට ඇති දැයි අපට සිතා ගැනීමට වත් නොහැකිය. 

දේව අම්මාට මුල් සබා කිතුනුවන්ගෙ පටන්ම විස්වාසිකයින් තුල ගෞරවය බක්තිය හා ආදරය ඔප්පු වන පුදුමාකාර යැදුමකි මෙය. 

අප නමෝ මරිය යැදුම කියන විට අප සිත දිව යන්නෙ ජේසුස් වහන්සේ හා මරියාවන් ජීවත්ව සිටි කාලයටය. දේව දූතයා ඈ හට මංගලම් කී කාලයටය. එලිසබෙත් තුමී මරියාවන්ගෙ ගුණ වැයූ කාලයටය.

අපි මේ යැදුම කියන විට අප සිත දිව යන්නෙ ජේසුස් වහන්සේ හා මරියාවන් මෙලොව නොසිටි , මුල් සබා කිතුනු යුගයටය.. ඇගෙ මද්‍යස්තකම කිතුනුවන් පැතු මුල් යුගයටය. 

 කතෝලික අපි වඩාත් , ආක්‍රමණශීලී  කිතුනු විරෝදී / ලෞකීකත්වයට ගැති / නපුරාගෙ බලය වැඩි මෙවැනි කාලයක ඇත්තෙන්ම මෙම යැදුම අතිශයින් වැදගත් හා බලවත්‍ ය. 

මරියාවෝ වනාහි සාතන්ගෙ භීතියයි. යක්ශායාගෙ හිස පොඩි කර දමන තැනැත්තියයි....

අබාග්‍යයට කාරනාව නම්  ශු. සබාවෙන් වෙන්ව ගිය  " මිනිසුන් තැනූ  සබාවල ( man made - churches )  "  අය ඔවුන්ට අපෝස්තුලුවර සම්ප්‍රදායට උරුමයක් නැතිකම නිසා  ඔවුන්ට නැති " මුල්සබා උරුමයක් " ගැන කෙතරම් උදම් ඇනුවත් ඔවුන් පැවත එනවා යැයි කියන මුල් සබා කිතුනුවන් තුල මරියාවන්ට තිබු තැන වත් ඔවුන් තුල නොමැති කමයි. සරලවම කිවහොත්  අපෝස්තුලුවර සම්බන්දයක් නැති මුලාව ගිය කිතුනුවන් යැයි අප ඔවුනට කියන්නෙ එබැවිනි.

- තීක්ශන අනුහස්

එකම ශුද්ධ වූ කතෝලික අපෝස්තලික සභාව